යාපනය ගුවන් තොටුපලට අදාල නාම පුවරුවල සිංහල භාෂාව දෙවැනි තැනට පත්ව ඇතැයි රාජපක්ෂවරුන්ට ගැති බොහෝ පෞද්ගලික මාධ්‍යවල පෙරේදා සිට උණුසුම්
පුවතක් ලෙස වාර්තා කරමින් සිටිති. සුපුරුදු පරිදි ඔවුන් එය වාර්තා කර ඇත්තේ ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය උසිගන්වමිනි.
ඒ අතර යාපනයේ පිහිටි ගෝඨාබය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයක නාමපුවරුවක ජායාරුපයක් සිය FB පිටුවේ පලකර ඇති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර යාපා, රාජපක්ෂවරුන් හාස්‍යයට ලක්කරමින් මෙසේ සටහනක් පලකර තිබේ.
"මෙන්න සිංහල භාෂාවට දෙවැනිතැන දීලෝ. රට විනාසයි. මව්බිම අනතුරේ. ලෝකෙන්ම සිංහල කථා කරන්නේ අපි විතරයි. මයේ අම්මේ, තාත්තේ මේ උතුම් මතෘ භූමියත් ලෝකයේ විශිෂ්ඨතම භාෂාවත් බේරාගන්න අපිට තිබෙන අන්තිම අවස්ථාව අත් නොහරිමු" කියලා දැන් කවුරුහරි ගිරිය පුප්පලා බෙරිහන් දෙයිද දන්නේ නැහැ ...සමාජ මාධ්‍යවල පලවී ඇති පොස්ටුවක්....
කුසගින්නට අසුචිවලවල් අවුස්සන ජඩ මාධ්‍ය!
යාපනයේ දී සිංහල භාෂාව දෙවැනි තැනට පත්ව ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් aithiya.lk වෙබ් අඩවියේ පලකර ඇති පුවත් විශේෂාංගයක මෙසේ සඳහන් වේ.
බොහෝ පෞද්ගලික මාධ්‍යවල පෙරේදා (17) සිට උණුසුම් පුවත වුයේ යාපනයේ දී සිංහල භාෂාව දෙවැනි තැනට පත්වීම සම්බන්ධ ය. ශ්‍රී ලංකාවේ තවත් ජාත්‍යන්තර මට්ටමේ ගුවන් තොටුපලක් යාපනයේ විවෘත කිරීම ඔවුන්ට මාතෘකාවක් වුයේ නැත. මේ ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍ය කාලයක සිට ක්‍රියාත්මක වන ආකාරයයි.
කිසියම්ම හෝ අසුචිවලක් අවුස්සා, ජාතිවාදී හැගීම් උත්සන්න කර තමුන්ගේ මඩි තර කර ගැනීම අපේ රටේ නවතම මාධ්‍ය සංස්කෘතිය වී ඇත.
දොස්තර සාපිගේ සිංහල මව්වරුන් වද කිරීමේ කතාව නැමති අසූචිවලේ බැස ඒහි පීනමින් සිටි මේ ජාතිවාදීන් ඒමවල හිදී යන විට තවත් ඒවැනි වලකට පැනීමට මාන බලමින් සිටීයේය. ඔවුන්ට අනුව යාපනයේ ගුවන්තොටුපල නාම පුවරැව ඒසේ කාලයක් බුක්ති විදිය හැකි තවත් අසූචි වලකි.
මෙම නාමපුවරු නිර්මාණය වී ඇත්තේ රටේ නීතියට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බව මේ ගොබ්බයින් නොදනී. නැති නම් නොදන්නා ලෙස සිටී.
ඒ සම්බන්ධව ඇති නීති රීතීන් සම්බන්ධව නීතිඥ දුලාන් දසනායක මහතා මෙසේ පවසයි.
''අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 13වන සංශෝධනය ගෙන එමින් සිංහල හා දෙමළ යන භාෂා ද්විත්වයටම සමතැනක් දීමට කටයුතු කරන ලදී.
ඒ අනුව භාෂාව පිළිබඳ විධිවිධාන ඇතුළත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සිව්වන පරිච්ඡේදයේ රාජ්‍ය භාෂාවක් ලෙස සිංහල සමග දෙමළ භාෂාවද ඇතුළත් කරනු ලැබීය. එම සංශෝධනයෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18වන වගන්තිය දැක්වුනේ මෙලෙසයි.
“18 (1) ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂෘව වන්නේය.
(2) දෙමළ භාෂාවද රාජ්‍ය භාෂාවක් වන්නේය
(3) ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාව වන්නේය”
දෙමළ භාෂාව හා සිංහල භාෂාව ශ්‍රී ලංකාවේ ජාතික භාෂා වන බව 19 වන ව්‍යවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහි වන අවස්ථාවේ සිටම ඇතුළත් වී තිබුණි.
මේ අනුව රාජ්‍යය විසින් කරන ජාතික කටයුතු වලදී සිංහල හා දෙමළ භාෂාව සමාන තත්වයකින් යොදා ගැනීම රටේ මූලික නීතියට ගරු කිරීමක් මෙන්ම දෙමළ ප්‍රජාවට ඔවුනුත් ශ්‍රී ලංකාවේ පුරවැසියන් බවට හැගීමක් ඇති කරවන්නක්.
මෙම ප්‍රස්තුත කාරණයට වඩාම වැදගත් ව්‍යවස්ථාව වන්නේ,
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 22 වන ව්‍යවස්ථාවයි. ශ්‍රී ලංකාවේ පරිපාලන භාෂා විය යුත්තේ මොනවාද යන්න හා එම පරිපාලන භාෂා භාවිතා කළ යුතු ආකාරය එහි දැක්වේ. මෙම ව්‍යවස්ථාව 16 වන සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් වූවක්.
ඒ අනුව ශ්‍රී ලංකාවේ පරිපාලන භාෂාව සිංහල හා දෙමළ භාෂා විය යුතු බවත් උතුරු නැගෙනහිර පළාත්වල හැර අනෙක් සියලුම පළාත්වල පරිපාලන භාෂාව සිංහල විය යුතු බවත් එහි දැක්වේ.
ඒ අනුව උතුරු නැගෙනහිර පළාත්වලදී දෙමළ භාෂාව පරිපාලන භාෂාව ලෙස සලකා කටයුතු කිරීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කටයුතු සලසා තිබේ. මෙම විධිවිධානය මගින් උතුරු නැගෙනහිර පළාත් වලදී දෙමළ භාෂාවට යම් ප්‍රමුඛතාවයක් සලසා දී තිබේ.
එපමණක් නොව මෙම 22වන ව්‍යවස්ථාව මගින් එම පළාත්වල සිංහල භාෂාවෙන් පරිපාලන කටයුතු කර ගැනීමට අවශ්‍ය පුද්ගලයන්ට එය ඉල්ලීමක් මගින් හෝ සන්ධාන භාෂාව වන ඉංග්‍රීසි භාෂාව මගින් ඉටු කරවා ගැනීමට අවශ්‍ය පසුබිමද සකසා තිබේ.
ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට ගරු කිරීමක්:
යාපනය නගරයේ කාර්යාල නාමපුවරු කිහිපයක් ...
එසේ නම් යාපනය ගුවන් තොටුපොළේ නාම පුවරුව තුළ දෙමළ සිංහල ඉංග්‍රීසි යන අනුපිළීවෙලට නම් යෙදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට ගරු කිරීමක්. මෙහිදී කිසිසේත් සිංහල භාෂාව දෙවන තැනට ඇද දැමීමක් සිදු නොකරන අතර නොව මේ මගින් දෙමළ ජනයාට ශ්‍රී ලංකාව අපටත් අයිති බවට හැගීමක් ඇති කරවන්නක්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා මෙරට පුරවැසියන් වන දෙමළ ජනයාට ගරු කිරීමක් කරමින් යොදා ඇති මෙම නාම පුවරුව පිළිබඳ ශ්‍රී ලාංකිකයන් ලෙස අප සතුටු විය යුතු අතර අප උත්සහ කල යුත්තේ දෙමළ ජනයාට දෙමළ වීම නිසාම ප්‍රශ්නයක් නොමැති බවට ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වීමටයි.''