ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට සහය පළ කිරීමට ඉදිරිපත් වුවද,

එම පක්ෂයේ ප්‍රචාරක රැලිවලට සහභාගීවීමට සූදානම් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක රැළිවලට සහභාගී වීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් වෙත මුහුණ දීමට සිදුවී ඇති තත්වයන් ඊට හේතුවී තිබේ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ රැස්වූ අතර අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මේ බව කියා සිටියේය.
එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ගෝඨාබය රාජපක්ෂ මහතා සහය පළ කිරීමට ජනහමු 5000කට අධික ප්‍රමාණයක් මුළුරටේම පැවැත්වීමට සූදානම්කර තිබෙනවා. ඊට අමතරව ගෙයින් ගෙට ගිහින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් දැනුවත් කිරීමට අද තීරණය කළා. නමුත්, අප සූදානම් නැහැ පවතින තත්වය උඩ පොදුජන පෙරමුණේ වේදිකාවට නැගලා ඔවුන් සමග එක්වන්න. ඒකෙන් වැඩක් වෙයි කියලත් අපි හිතන්නේ නෑ. ඒ අනූව ගම්මට්ටමේ හා බිම් මට්ටමේ ප්‍රචාරක කටයුතු අපි කරගෙන යනවා."

වීඩියෝ

පොහොට්ටුවෙන් හූ කියනවා කියා ශ්‍රීලනිප පිරිසක් සජිත්ට එක්වෙයි..

මේ අතර බිම් මට්ටමේ සිටින දේශපාලඥයින් ලෙස ගමේ ජනතාවගේ කැමැත්ත සජිත්ට බවත් ඒ සම්බන්ධව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් දැනුවත් කලද එය නොසලකා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්විමට ගොස් හූ හඬ කැමට සිදුවු නිසා තම පක්ෂයේ වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් ශ්‍රිලනිප, උඩුනුවර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති හා මන්ත්‍රී බන්දුල සෙනවිරත්න  ඇතුළු ශ්‍රිලනිප ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු සජිත් ප්‍රේමදාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දීමට තීරණය කර ඇත.

මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක, උඩුනුවර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති හා මන්ත්‍රී බන්දුල සෙනවිරත්න මෙසේ පැවැසුවේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය දිම සදහා පේරාදෙණියේදි පැවැති මාධ්‍ය හමුවකදිය.

මෙම කණ්ඩායමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහනුවර දිස්ත්‍රික් සංවිධායක, උඩුනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී බන්දුල සෙනවිරත්න ඇතුළු අකුරණ ප්‍රාදේශිය සභා මන්ත්‍රී එස්.එම් අස්වර්, උඩුනුවර ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී ගැමුණු බණ්ඩාර හා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරඟ කර අපේක්ෂකයින් පිරිසකගෙන් මෙම කණ්ඩායම සමන්විතය.
7878

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්