ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී ජනාධිපතිවරයා නිර්පාක්ෂික වීමටත් මන්ත්‍රී කණ්ඩායම 'පොහොට්ටුවට'

සහය දැක්වීමටත් ගනු ලැබූ තීරණයත් සමග ජනාධිපති මාධ්‍ය ඒකකය ද දෙකඩවී ඇතැයි වාර්තාවේ.

ඒ අනුව එම ඒකකයේ කිහිප දෙනෙකු ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමට සහයදීමට ඉදිරිපත්ව සිටින අතර බහුතරයක් ජනාධිපතිවරයාගේ තීරණය අනුමත කරමින් ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇත.

කෙසේවුවද ජනාධිපති මාධ්‍ය අංශය සතු කිසිඳු උපකරණයක් හෝ සේවාවන් ජනාධිපතිවරණය වෙනුවෙන් යොදා නොගන්නැයි ජනාධිපතිවරයා දුන් නියෝගය මේවනවිට එහි සාමාජිකයින් අකුරටම ක්‍රියාත්මක කරමින්  සිටිති.

මෛත්‍රීගේ සහාය සජිත්ට !

මේ අතර සති අන්ත පුවත්පත වාර්තා කර ඇත්තේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයේදී මධ්‍යස්ථව කටයුතු කරන බව ප්‍රකාශ කළද ඔහු රහසින් සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සහයෝගය ලබාදෙමින් සිටින බවයි.

එම පුවත්පත සමඟ අදහස් දැක්වූ එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයෙකු එබව කියා ඇත.

එම පුවත්පත් වාර්තාවට අනුව ජනාධිපතිවරයාගේ ප්‍රචාරක ව්‍යාපෘතිවල කටයුතු කළ ඇතැම් පුද්ගලයන්ද සජිත් ප්‍රේමදාසගේ ප්‍රචාරක කටයුතුවලට සහාය ලබාදෙමින් සිටින බවත්, ශ්‍රී ලනිපයේ ඇතැම් පිරිස්වල සහයෝගය සජිත් ප්‍රේමදාස පාර්ශ්වයට ලබාදීම සඳහා සම්බන්ධීකරණ කටයුතුවල ජනාධිපතිවරයා යෙදෙන බවත් එජාප ප්‍රබලයා පවසා ඇත.

සිරස ආයතනයට සම්බන්ධව සිට, ජනාධිපතිවරයාගේ ප්‍රචාරක අංශවල සේවය කළ පිරිස් හා ජනාධිපති මාධ්‍ය අංශයේ සේවය කළ ඇතැම් කණ්ඩායම් එලෙස සජිත් ප්‍රේමදාසගේ ප්‍රචාරක ව්‍යාපෘතියට සහාය දක්වමින් සිටින බව වාර්තා වෙයි.

ශ්‍රිරාල් එළිපිට ම සජිත්ට වැඩ !

ජනාධිපතිවරයාට සමීපව ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදේශකවරුන්, අධ්‍යක්ෂවරුන් හා සම්බන්ධීකාරකවරුන් ලෙස කටයුතු කළ ශිරාල් ලක්තිලක ඇතුළු පිරිසකගේ සහයෝගයද සජිත් ප්‍රේමදාසට හිමිවෙයි.

ශ්‍රී ලනිපය ඉදිරි ජනාධිපතිවරණයේදී සහයෝගය දැක්විය යුත්තේ කාටදැයි තීරණය කිරීම සඳහා ඔක්තෝබර් 05 වැනි සෙනසුරාදා රාත්‍රීයේ පැවති ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී ශ්‍රීලනිපය ගෝඨාබය රාජපක්ෂට සහාය දැක්විය යුතු බව තීරණය කළද, එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම ඔක්තෝබර් 08 වැනිදා දක්වා කල්යෑමට හේතුවද ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස සමඟ ඇති සම්බන්ධය නිසා බව වාර්තා වෙයි. 

ඔක්තෝබර් 05 වැනිදා සාකච්ජාවේදී එකඟ වී තිබුණේ ඔක්තෝබර් 06 වැනි ඉරිදා උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමාධ්‍ය සාකච්ජාවක් පවත්වා ශ්‍රී ලනිපය ගෝඨාබය රාජපක්ෂට සහාය දක්වන බව ප්‍රකාශ කිරීමට බවද ආරංචිමාර්ග පවසයි. 

එහෙත් ඔක්තෝබර් 06 වැනිදා උදෑසන අමාත්‍ය කබීර් හෂීම් සමඟ පැවති සාකච්ජාවකදීත් සජිත් ප්‍රේමදාස සමඟ එදිනම පැවති දුරකථන සාකච්ජාවකදීත් ජනාධිපතිවරයා එකඟතාවයක් ඇතිකරගෙන ඇතැයි වාර්තා වේ. ඒ අනුව ජනාධිපතිවරයා පොදුජන පෙරමුණට සහාය නොදී සිටීමට තීරණය කර ඇත.

ජනාධිපතිවරයා ගෙන් ප්‍රකාශයක් !

කෙසේ වෙතත් ආරංචිමාර්ග පැතිර යන අන්දමට ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ප්‍රසිද්ධියේ සජිත් ප්‍රේමදාසට සහාය ලබාදීමක් නුදුරේදී සිදුවනු ඇතැයි ප්‍රකාශ කළ නොහැකි බව අනිද්දා සමඟ අදහස් දැක්වූ එජාපෙ ඇමතිවරයා කීය. 

එය දැනට සාකච්ජා මට්ටමේ තිබෙන යෝජනාවක් පමණක් බවත්, මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරි තත්වය සලකා බලා ඒ යෝජනාව ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න පිළිබඳව ජනාධිපතිවරයා තීරණයක් ගනු ඇති බවත් ඔහු කීය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්