හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තායිලන්තයට පිවිසීමට එරට රජයෙන් අනුමැතිය ලැබෙනු ඇතැයි වාර්තාවේ.



ඒ අනුව ඔහු හෙට (11) දිනයේ සිංගප්පුරුවේ සිය තායිලන්තය බලා පිටත්වයාමට නියමිතව ඇතැයි පැවසේ.

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක ටනී සන්ග්‍රාට් පවසා තිබුණේ, හිටපු ජනාධිපතිවරයාට තායිලන්තයට ඇතුළු වීමට අවසර දෙන මෙන් තායි පාර්ශවයට ශ්‍රී ලංකාවේ වත්මන් රජයෙන් ඉල්ලීමක් කර තිබුණු බවත්, දෙරට අතර පවතින දීර්ඝ කාලීන සුහද සබඳතා මත මෙම ඉල්ලීම සලකා බැලීම සිදු වූ බවත්ය.

“වසර 2013දී තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර ඇති කරගත් වීසා බලපත්‍රවලින් නිදහස් කිරීමේ ගිවිසුමට අනුව, ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක හිමිකරුවෙකු ලෙස හිටපු ජනාධිපතිවරයාට දින 90ක කාලයක් සඳහා වීසා නොමැතිව තායිලන්තයට ඇතුළු වීමට හැකියාව ඇත. මෙම පැමිණීම තාවකාලික එකක් වන අතර, තවදුරටත් ඉදිරියට ගමන් කිරීමේ අරමුණ ඇතිව සිදුවන්නක් බව," එම ප්‍රකාශකවරයා පවසා ඇත.

තවද, රාජපක්ෂ මහතා තායිලන්තයෙන් දේශපාලන රැකවරණ පතා නොමැති බවද එම ට්විටර් පණිවිඩයේ දැක්වේ.

PHOTO 2022 08 10 17 14 12


සබැඳි පුවත් :
ගෝඨා තායිලන්තයට මාරු වන ලකුණු !


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්