‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් නවදෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10) පස්වරුවේ තහවුරු කළේය.

මියගිය පුද්ගලයන් නවදෙනාම වයස අවුරුදු 60 ට වැඩි අය බවත් එම පුද්ගලයන් අතර කාන්තාවන් පස්දෙනකු සහ පිරිමින් සිවුදෙනකු වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.



"අවදානම අවම කරගන්න තියෙන එකම විකල්පය තමා කැමති වුණත්, නැති වුණත් එන්නත ගන්න එක"


මේ වනවිට මෙරට කොවිඩ් 19 ආසාදිතයින්ගේ පැහැදිලි වැඩි වීමක් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව සාමාන්‍යයක් ලෙස 100 - 150ත් අතර ආසාදිතයින් සංඛ්‍යාවක් දෛනිකව වාර්තා වෙයි. රෝගීන් සංඛ්‍යාව වැඩි වීමට සමාන්තරව මරණ සංඛ්‍යාවේ ද වැඩි වීමක් වාර්තා වී ඇත.

"රෝගීන් වාර්තා වෙනවා කියන්නේ සමාජයේ පැතිරීමක් තියෙනවා. දැන් වෙනකොට එන්නත වැඩි දෙනෙක් අරන් තියෙනවා නම් මේ පැතිරීම සීමා කරන්න පුලුවන්." විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ ප්‍රකාශ කළේය.

එන්නත ලබා ගත් තරුණ අයෙකුට වෛරසය අසාදනය වුවහොත් මෘදු රෝග ලක්ෂණ පෙන්විය හැකියි.

එහෙත් ඔහුගෙන් නිවසේ වසයස් ගත පුද්ගලයින්ට එය ආසාදනය වීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

"වයස 60ට වැඩි කෙනාට, නිධන්ගත රෝග තියෙන කෙනාට මේක භයානක තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒකයි භයානකකම. වාර්තා වන මරණ ගත්තම 80%ක් විතරම සාපෙක්ෂව වයස 60 වැඩි ජනතාව. 60 වැඩි අයට අවදානමක් තියෙනවා."

මිය යන පුද්ගලයින් අතුරින් කිසිදු එන්නක් ලබා නොගත් පුද්ගලයින් ද වාර්තා වී තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ තවත් පිරිසක් කොවිඩ් එන්නත් මාත්‍රා සියල්ල නිසි පරිදි ලබා ගෙන නොමැති බවයි.

"එකයි දෙකයි, විතරයි අරන් තියෙන්නේ. බූස්ටර් එන්නත් ගත්තු නැති සැලකිය යුතු පිරිසක් මේ මිය ගිය පිරිස අතර ඉන්නවා." විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ අනාවරණය කළේය.


වයස 60ට වැඩි නම් අවදානමක්

zxdgbg

"වයස 60ට වැඩිනම් අවදානමක්. නිධන්ගත රෝග තියෙනවා නම් අවදානමක්, තියෙනවා. අවදානම අවම කරගන්න තියෙන එකම විකල්පය තමා අපි කැමති වුණත්, නැති වුණත් එන්නත ගන්න එක. වයසක අයත්, නිධන්ගත රෝග තියෙන අයත්, එන්නත ගත්තත් එකේ පරිපූර්ණ ප්‍රතිශක්තියක් නොඑන්න පුළුවන්.

කාලයත් එක්ක තරුණ කෙනෙක් වුණත් ප්‍රතිශක්තිය අඩුවෙන්න පුළුවන්. අපි අලුතින් එන්නක් අරන් බූස්ට් අප් කරගත්තේ නැත්නම් අපි ඔක්කොම අවදානමට ලක් වෙනවා." විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

ඔහු පෙන්වා දුන්නේ "ලෝකය පුරාම සාක්ෂි අනුව බූස්ටර් එන්නත් ගත්තොත් රෝහල්ගත වීම් අඩුවෙනවා සැළකිය යුතු ලෙස, සංකූලතා අඩුවෙනවා, දැඩි සත්කාර ඒකකවලට ඇතුලු වීම අඩුවෙනවා. ඒ වගේම මරණ අඩුවෙනවා. ලෝකය පුරාම පර්යේෂණ දත්ත වලින් පෙන්නලා තියෙනවා ඒක. ඒකේ විශේෂයෙන්ම වාසිය තියෙන්නේ වයස්ගත අයට."

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ඇතැම් පුද්ගලයින් එන්නත ලබා ගැනීම ප්‍රමාද කරන බවයි. "සමහර ජනතාව හිතන දෙයක් තමා තව ටිකක් බලලා ගහගන්නවා. ප්‍රමාදය මරණය තීරණය කරනවා වෙන්න පුලුවන්." විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය.

"අද එන්නත ගහලා හෙට ඉදලා ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. එන්නතේ ආරක්ෂාව ලැබෙන්න සූමාන දෙකක් විතර යනවා. විශේෂයෙන්ම රෝගී කෙනෙකුට, වයස්ගත කෙනෙකුට ඒ ආරක්ෂාව එන්න යන කාලය තරුණ කෙනෙකුටත් වඩා වැඩියි. පරක්කු කරන සුමානය, මරණයයි, ජීවිතයයි අතර තීරණාත්මක සාධකයක් වෙන්න පුළුවන්."

විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ "අප්‍රමාදව විශේෂයෙන් වයස 60 ට වැඩි අය පළමු බූස්ටර් එන්නත ලබා ගෙන නැත්නම් පළමු බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගන්න. පළමු එක ලබා ගත්ත අය මාස 04කට පසු දෙවැනි එක ලබා ගන්න."


වයස අවුරුදු 20ට වැඩි මිලියන 6ක් තවම බුස්ටර් එන්නත ගෙන නැහැ

මෙරට වයස අවුරුදු 20ට වැඩි ජනගහනගෙන් මිලියන 6කට වැඩි පිරිසක් තවම බූස්ටර් එන්නත් ලබා ගෙන නොමැති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

"එන්නත ගහගත්තොත් සමාජය තුළ සම්ප්‍රේෂණය වෙන එක අඩු කරන්න පුළුවන්. සම්ප්‍රේණය වෙන එක අඩු කරන්නේ නැතිව මොන විකල්ප ගත්තත් අපිට මරණ අඩු කරන්න බැහැ." විශේෂඥ වෛද්‍ය ගිනිගේ අවධාරණය කළේය.

ඔහු කියා සිටියේ "වයසක අයයි" නිධන්ගත රෝග තියෙන අයයි හැකි ඉක්මනින් එන්නත ගන්න ඕනේ."

මෙරට ජනතාව සඳහා බූස්ටර් එන්නත ලෙස අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත පමණක් ලබා දෙන අතර ප්‍රමාණවත් පරිදි එම එන්නත් තොග පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.


කල්ඉකුත් වීම ගැන අනවශ්‍ය බියක්...

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එන්නතේ කල් ඉකුත් වීමේ කාලය දීර්ඝ කිරීම ගැන ජනතාව අතර අනවශ්‍ය බියක් ඇති බවයි.

"මේක ලංකාවේ අපි ඉල්ලා දික් කරගත්ත එකක් නෙමෙයි. එක ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයටම දීපු නිර්දේශයක්. මේවා අලුත් එන්නත් හින්දා සීමිත ආයු කාලයක් තමා මුලින් දුන්නේ. ඒක ක්‍රමාණුකූලව දික් කලා. මුලින් මාස 03 වුණා. 06 වුණා, 09 වුණා දැන් තමා එක මාස 12 කරලා තියෙනන්නේ." විශේෂඥ වෛද්‍ය ගිණිගේ අවධාරණය කළේය.

"කාලය දිගු කරනවා කියන එක රටකට කරන්න බැහැ. ෆයිසර් කියන්නේ අමෙරිකාවේ තියෙන ලොකුම සමාගමක්. එහෙම ආවට ගියාට කිරි පැකට් එකේ ලේබල් එක අලවනවා වගේ ඕක කරන්න බැහැ. ඒකට නීතිමය ප්‍රතිපාදන තියෙනවා."

එන්නක කාලය දීර්ඝ කිරීමේ ක්‍රමවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගිනිගේ පැහැදිලි කළේය.

"ලෝකයේ එන්නක කාලය දීර්ඝ කරනවා කියන එක සමාගමටවත්, රටකටවත් කරන්න බැහැ. ඒකට පර්යේෂණ දත්ත ඉදිරිපත් කරන්න ඕනේ. විද්‍යාත්මක දත්ත. ඒ දත්ත ඒ රටේ ඖෂධ නියාමන අධිකාරිය අනුමත කරන්න ඕනේ. ලෝකයේ හොඳම ඖෂධ නියාමන අධිකාරිය තමා අමෙරිකාවේ ඖෂධ නියාමන අධිකාරිය. දැන් ඒක අමෙරිකාව තුළ මෙම එන්නත මාස 03කින් දිර්ඝ කරන්න අනුමැතිය දීලා තියෙනවා. යුරෝපා සංගමයෙත් ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය දීල තියෙනවා. පසුව ඒ අනුමැතිය දෙන්න භාවිත කළ පර්යේෂණ දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයේ තියෙනවා විද්වත් කමිටුවක්. ඒගොල්ලොත් අධ්‍යයන කරලා ඒගොල්ලේ මුළු ලෝකයටම දෙනවා මේ එන්නත් කාණ්ඩය තව මාස 03කට භාවිත කරන්න පුළුවන්, ආරක්ෂිතයි, කාර්යක්ෂමව තියෙනවා කියලා . ඒ පදනම මත ඉදන් තමා අපි කටයුතු කරන්නේ."


"ඒ විද්‍යාත්මක දත්ත නිල වශයෙන් අපේ ඖෂධ නියාමන අධිකාරියට ගෙන්වා ගත්තා. ඒගොල්ලෝ අධ්‍යනය කරලා තමා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේකට අනුමැතිය දීලා තියෙන්නේ. ඒ ප්‍රතිපාදන අනුව තමා මේක කරලා තියෙන්නේ. මාස 03කට දීර්ඝ කරලා තියෙන්නේ." ඔහු කියා සිටියේය.

ඒ අනුව දැනට පවතින එන්නත්වල කල් ඉකුත් වීමේ කාලය ඔක්තෝම්බර් 31 දක්වා දීර්ඝ කර තිබේ.


එන්නත් මිලියන 8 ක් ඔක්තෝම්බර් වනවිට ලබා දී අවසන් කරන්න බැරි වෙයිද?

කොවිඩ් අවධානම යළි ඉහළ යමින් පවතින බැවින් කඩිනමින් එන්නත්කරණය සඳහා යොමු වන ලෙස ජනාධිපති, රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවත් එම උපදෙස් නියමාකාරයෙන් පිළිපදින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා යළිත් රට තුළ කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියට ඉඩ නොතැබිය යුතු බව අවධාරණය කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ, "කොවිඩ් -19 රෝගීන් හා මරණ සංඛ්‍යාව යළිත් වැඩි වෙනවා. අප්‍රේල් මාසයේ කොවිඩ් රෝගීන් 1731ක් වාර්තා වුණා. කොවිඩ් මරණ 26ක් සිදු වුණා. එම තත්ත්වය මැයි මාසයේ දී රෝගීන් 472කට අඩු වුණා. මරණ වාර්තා වුණේ 13යි. ජුනි මාසයේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 283යි. මරණ 3යි. නමුත් ජූලි මාසයේ කොවිඩ් රෝගීන් 1616ක් දක්වා වැඩි වී තිබෙනවා. මරණ සංඛ්‍යාව 35ක්. මේ මරණ 35න් 28 ක් සිදු වුණේ ජූලි 18 වෙනිදායින් පසුවයි. මේ දෙස බැලූ විට තවත් එක කරුණක් පෙනෙනවා. ඒ කොවිඩ් එන්නත කඩිනමින් ලබා දීම කළ යුතු බවයි."

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ "පළමු වටයේ දී මිලියන 17ක් එන්නත ලබාගත්තා. දෙවන වටයේ දී එය මිලියන 14කට අඩු වුණා. තුන්වෙනි වටයේ දී කොවිඩ් එන්නත ලබාගෙන තිබෙන්නේ මිලියන 8යි. 4වන වටයේ දී එන්නත ලබාගෙන තිබෙන්නේ පුද්ගලයන් 22,623 දෙනෙක් පමණයි. තුන්වෙනි වතාවෙත්, 4 වන වතාවෙත් එන්නත ගත් ප්‍රමාණය විශේෂයෙන්ම බස්නාහිර පළාතේ අඩුවෙලා තිබෙනවා. ඒ නිසා එන්නත්කරණය සඳහා ජනතාව නැවත යොමු කළ යුතුයි."

"ලංකාවේ දැනට එන්නත් මිලියන 8ක් තිබෙනවා. එය ඔක්තෝම්බර් මාසය වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ එන්නත් මිලියන 8 ඔක්තෝබර් මාසයේ දී අවසන් කරන්න බැරි වෙනවා. ඒ නිසා කොටසක් වෙන රටකට දෙන්න සිදුවෙනවා. එන්නත ගෙනාවේ ඔබ වෙනුවෙන්. ඒ නිසා එන්නත ලබානොගත් සියලු දෙනාගෙන් මම ඉල්ලීමක් කරනවා, ඉක්මණින් එන්නත ලබාගන්න කියලා" ජනාධිපතිවරයා අවධාරණය කළේය.
 



සබැඳි පුවත් :

කොවිඩ් අවධානම ගැන ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්


 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්