දැනට සිංගප්පුරුවට පලාගොස් සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ හෙට

(අගෝස්තු 11 වැනිදා) තායිලන්තය බලා යෑමට නියමිතව තිබේ.

ජූලි 09 වැනිදා ගාලු මුවදොර ඇතුලුව රටපුරා ඇති වූ දැවන්ත ජන අරගලය හමුවේ බලයෙන් පහ කෙරුණු ගෝඨාභය රාජපක්ෂ ජූලි 13 වැනිදා අලුයම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයකින් මලදිවයින බලා පිටත්ව ගියේය.

ඒ සිය බිරිඳ හා ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සමඟය.

ඊට පසුදින ඔහු සෞදි ගුවන් සේවයට අයත් යානයකින් සිංගප්පුරුවට පැමිණියේ දින 14ක තාවකාලික සංචාරක වීසා බලපත්‍රයක් මතය.

ඉන් පසු තවත් දින 14කට එම සංචාරක විසා බලපත්‍රයට දිගුවක් ලබා ගත් බලයෙන් පහකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේවන විට දින 28ක පමණ කාලයක් සිංගප්පුරුවේ ගත කොට තිබේ.



තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය මාධ්‍ය ප්‍රකාශක ටැනී සැන්ග්‍රාට් ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තායිලන්තයට ඇතුලු වීමට ඉඩ දෙන ලෙස වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩු පාර්ශවයෙන් ඉල්ලීමක් ලැබී ඇති බවයි.

 


දේශපාලන රැකවරණ ඉල්ලා නැහැ


දෙරට අතර දීර්ඝ කාලීන සුහද සබඳතා මත මෙම සලකා බැලීම සිදු වූ බව තායිලන්ත විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

"ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක හිමිකරුවෙකු ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දින 90ක කාලයක් සඳහා වීසා නොමැතිව තායිලන්තයට පැමිණීමට හැකියාව ඇත. ඒ, තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර වීසා නිදහස් කිරීම පිළිබඳ 2013 අතිකර ගත් ගිවිසුමට අනුවය."

ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයේ රැඳී සිටීම ඉදිරියේදී වෙනත් ස්ථානයකට යාමට අරමුණ කරගත්, තාවකාලික ස්වභාවයක් ගත් සංචාරයක් බව තායිලන්ත විදේශ අමාත්‍යංශය සඳහන් කළේය.

ඔහු දේශපාලන රැකවරණ පතා නොමැති බවද තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කළේය.

PHOTO 2022 08 10 17 14 12

මෙයට පෙර කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ සිට යළි දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන බවයි.

එහිදී කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා රටින් පලාගොස් හෝ සැඟවී නොසිටින බවයි. එහෙත් ඔහු ආපසු මෙරටට පැමිණෙන දිනයක් තමන් නොදන්නා බවත් ය.

එහෙත් ජනපති රනිල් වික්‍රමසිංහ පසුගියදා මාධ්‍යයට පැවසුවේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකාවට පැමිණීමට සුදුසු කාලය තවමත් උදාවී නොමැති බවයි.

ජූලි 13 වැනිදා ශ්‍රී ලංකාවෙන් මාලදිවයින බලා ගුවන් හමුදා ගුවන් යානයකින් පලාගිය ගෝඨාභය රාජපක්ෂ ජූලි 14 වැනිදා සිංගප්පූරුව වෙත පියාසර කළේය. එහිදී ඔහුට දින 14ක් එරට රැඳී සිටීමට අවසර ලබාදුනි.

ජූලි 20 දා සිංගප්පුරුවේ ආගමන හා මුරපොල අධිකාරිය (ICA) එරට මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ සමාජ සංචාර සඳහා සිංගප්පූරුවට ඇතුලු වන ශ්‍රී ලාංකික අමුත්තන්ට සාමාන්‍යයෙන් දින 30ක් දක්වා කාලයක් සහිත කෙටි කාලීන සංචාරක බලපත්‍රයක් නිකුත් කරන බවයි.

හිටපු ජනාධිපතිවරයා එහි පැමිණිමෙන් පසු සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කළ අතර එය ජූලි 15 වන දින කතානායකවරයා විසින් නිල වශයෙන් එය පිළිගනු ලැබීය.


ඔහුට තවදුරටත් රාජ්‍ය නායකයෙකු ලෙස නීත්‍යානුකූල මුක්තියක් නොමැත.

මීට පෙර ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යනු ඇතැයි ඇතැමුන් අනුමාන කිරීමත් සමඟ ඔහුගේ ඉදිරි සැලසුම් පිළිබඳව වැඩි දෙනෙක්ගේ අවධානය යොමු විය.

කෙසේ වෙතත්, නම සඳහන් නොකළ ශ්‍රී ලාංකික මන්ත්‍රීවරයකු උපුටා දක්වමින් බ්ලූම්බර්ග් පුවත් සේවාව එවකට සඳහන් කොට තිබුණේ ‍ගෝඨාභය රාජපක්ෂ නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්තෙන් සිටින බවයි.

fjtyu

දශක ගණනාවක් තුළ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයට ‍චෝදනා එල්ලවී ඇත්තේ රාජපක්ෂ පාලනයට ය.

මාස ගණනාවක් පුරා දෛනික විදුලිය විසන්ධි කිරීම්, ඉන්ධන, ආහාර සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල හිඟතාවන් වලින් ජනතාව තවදුරටත් පීඩා විඳිමින් සිටියි.

රාජපක්ෂ වෙනුවට ඔහුගේ සමීප සගයකු වන රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනපති ලෙස පත් වී ඇති නමුත් ඔහුද නිවැරදි ජන මතයක් නියෝජනය කරමින් දරදඬු පාලනයකට උත්සාහ කරන බවට චෝදනා එල්ල වී තිබේ.


(BBC සිංහල සේවය)


සබැඳි පුවත් :

ගෝඨාභයට තායිලන්තයට ඒමට අනුමැතිය දෙයි !

ගෝඨා තායිලන්තයට මාරු වන ලකුණු !

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා