පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (25) එළිදක්වා ඇත.

"ගෝඨාභය- "රට හදන සෞභාග්‍යයේ දැක්ම" නමින් එය නම්කර තිබුණත් ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ සිදුකල බව පිළිගැනීමත්, ඔවුන් සම්බන්ධව පියවර ගැනීමේ සූදානම  ඇතුළුව ව්‍යවස්ථා විරෝධී, මිලිටරි ආඥාදායකත්වයක් සහිත පවුල්  පාලනයක් වෙනුවෙන් වන භයානක වගන්තිත්  ඒ තුළ අන්තර්ගත බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

ඒ බවට "ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම" නව වැනි පිටුවේ පැහැදිළිව දක්වා ඇති බව ඔවුන් සඳහන් කරයි.

හමුදාව යුද අපරාධ කළා : ගෝඨාබය පිළිගෙන !
Capture1
ගෝඨාභය රාජපක්ෂ මේ කියන්නේ කුමක්ද ? යුද සමයේ චෝදනා ලැබූ යුද හමුදා සාමාජිකයන් කියන්නේ කවුද ? ඒ කවුද යන්න අමුතුවෙන් කිවයුතු නැත. යුද සමයේ චෝදනා ලැබූ හමුදා සාමාජිකයන් සම්බන්ධව පියවර ගනු ලැබුවේ නෑ කියා ගෝඨාභය තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල සඳහන් කරන විට ඒ කියන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ කල බව නොවේද ? ඒ අනුව ලසන්ත ඝාතනය සම්බන්ධව පමණක් නොව දෙමල ඩයස්පෝරාව මෙතෙක් නැගූ යුද අපරාධ චෝදනා තහවුරු කරන ගෝඨාභය තම බල තණ්හාව හමුවේ වීරෝධාර හමුදාවද මහා පාවාදීමකට ලක්කර ඇති බව පැහැදිළිය.

මෙතෙක් කලක් වත්මන් ආණ්ඩුවට ඔවුන් චෝදනා කර සිටියේ යහපාලන ආණ්ඩුව රණවිරුවන් පාවාදෙන බවය. මංගල සමරවීර ජිනීවා ගිහින් හමුදාව පාවාදෙන ගිවිසුම් අත්සන් කල බවය. එහෙත් වත්මන් ආණ්ඩුව දිගින් දිගටම ජාත්‍යන්තරයට කියා සිටියේ යුද්ධය සමබන්ධව චෝදනා ලැබූ කිසිවෙක් හමුදාවේ නැති බවය. 

එහෙත් දැන් ගෝඨාභය තම ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහාම  තමන්ගේ බල තණ්හාව ඉටුකර ගැනීම වෙනුවෙන්  යුද්ධය සම්බන්ධව විවිධ චෝදනා ලබා සිටින හමුදා සාමාජිකයන් ගැන කියයි. ඒ කියන්නේ ලංකා හමුදාව යුධ අපරාධ සිදුකල බව නොවේද ? ලංකා රණවිරුවන් අමුඅමුවේ ජාත්‍යන්තරය හමුවේ පාවාදීමක් හැර මේ වෙන කුමක්ද ? එපමණක් නොව ඔහු දැන් දඬුවම් ලබා සිටින හමුදා සාමාජිකයන් ගැනද කියයි. 

ඒ කවුද ? යුද්ධය කල නිසා කිසිඳු හමුදා සාමාජිකයෙක් දඬුවමට ලක්ව නැත. දැනට බන්ධනාගාර ගතකර සිටින්නේ රාජපක්ෂ පවුලේ විරුද්ධවාදීන් ඝාතනය කිරීමට, පැහැරගැනීමට සහ අතුරු දහන කිරීමට අදාළව චෝදනා ලබා අධිකරණ නියෝග මත බන්ධනාගාර ගතකර සිටින කිහිප දෙනෙකු පමණය. පළමු රැලියේදීම ගෝඨාභය කියා සිටියේ රාජපක්ෂ පාලන සමයේ රාජපක්ෂ පවුලේ අවශ්‍යතා වෙනුවෙන් මාධ්‍යවේදීන්, සිසුන් , තරුණයන්, සහ දේශපාලන විරුද්ධවාදීන් ව ඝාතනය කල පැහැරගත් සහ අතුරුදහන් කල ඒ පිරිස නිදහස් කරන බවය. ඒ අනුව ගෝඨාභය යුද අපරාධ කල බවට පිළිගෙන සමස්ත හමුදාව ලෝකය හමුවේ පාවාදී ඇතුවා පමණක් නොව තමන්ගේ පව් ඇදපු ගහලයන් නිදහස් කරන්නටද නියමිතය.

එපමණක් නොව. ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 9 පිටුවේ දැක්වෙන මේ ප්‍රතිපත්තිය දෙස බලන්න.

ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරවීමේ සූදානමක් !
Capture2
මේ කියන්නේ කුමක්ද ? වැරදීමකින් හෝ පාලන බලය ලැබුනහොත් ඊට පසුදා පාර්ලිමේන්තුව විසුරවා හැරීමය. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වත්මන් පාර්ලිමේන්තුව විසුරවීමට ජනාධිපතිට බලය ලැබෙන්නේ එකී පාර්ලිමේන්තුව පත්ව වසර හතරකුත් මාස හයක්  ගෙවීගිය පසුවය. ඒ බව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  පැහැදිලිව දක්වා ඇත.  එනම් 2020 මාර්තු මාසය දක්වා පාර්ලිමේන්තුව විසුරවීමට හැකියාවක් ජනාධිපතිට නැති අතර එය ව්‍යවස්ථා විරෝධීද වෙයි. ඒ බව පසුගිය වසරේ පාර්ලිමේන්තුව විසුරවමින් ජනාධිපති සිරිසේන නිකුත්කළ ගැසට් නිවේදනයට එරෙහිව ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේද පැහැදිළිව දක්වා තිබේ. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත්කරන අවස්ථාවේ සිටම නලියන්නේ ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කුණු කූඩයට දමා  මිලිටරි ආඥාදායක පාලනයක් බිහිකිරීමට නොවේද ? 

ආඥාදායක පාලනයක් වෙනුවෙන් : 19 සංශෝධනයත් අකුලයි !
Capture3
ඒ වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂටත් වඩා පෙරට අඩියක් තබා ඇත්තේ, ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 9 වන පිටුව ආරම්භයේදීමය. ඒ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැති ප්‍රශ්න ඇතිකරන  ලෝක බලවතුන්ගේ අවශ්‍යතා මත වුවක් බව කියමින් ජනතාවද නොමග යවමිනි. ස්වාධීන පොලිස් කොමිසම, ව්‍යවස්ථා දායක සභාව, ස්වාධීන මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම,මානව හිමිකම් කොමිසම,  අල්ලස් හෝ දුෂණ වංචා කොමිසම පමණක් නොව ද්විත්ව පුරවැසියෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීම වලක්වා තැබීම පවා අහෝසි කරලන්නටය. එක් අයෙකුට දෙවරකට වඩා ජනාධිපතිවීමට අවස්ථාව නොමැති සීමාව ඉවත්කර ගන්නටය.

යලිත් ඒකාධිපති වියරුවක් වෙත රට ගෙනයාමේ සුදානම මේ ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එක පිටුවක සාක්ෂි සහිතවම ඇත්නම් ඒ පාලනයක් තුළ මහා භියකරු මිලිටරි ආඥාදායකත්වයක් මිස අන් යමක් නොමැත. 

මහින්ද කළ වැඩේ කරන්න එපා - නලින්ද සිල්වාගේ උපදෙස !

ගෝඨාභය රාජපක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා මිලිටරි ආඥාදායක ඒකාධිපති පවුල් පාලනයක් වෙනුවෙන් අවශ්‍ය ජන මතය විමසන විට ඔහුගේ සහයට ඉදිරිපත්ව සිටින දැඩි අන්තවාදියෙකු වන  ගණිත මහාචාර්යවරයෙකු වන නලින් ද සිල්වා පවසන්නේ මහින්ද රාජපක්ෂ පාලනය සිදුකල වැරදි යලි නොකරන පාලනයක්  ගෝඨාභය රාජපක්ෂ වෙතින් බලාපොරොත්තු වන බවයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ජාතික හිමිකම් සංවිධානය විසින් සංවිධානය කර තිබු ජන හමුවක් අමතමින්.

විඩියෝ

ගණිත මහාචාර්ය නලින් ද සිල්වා ප්‍රචලිතව සිටින්නේ සිම්හල බෞද්ද අනෙක් අන්තවාදී කොටස් සමඟත් නිතර ගැටුම් ඇතිකරගන්නා දරුණු දැඩි මුලධර්මවාදීයකු ලෙසයි. මේ සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ නලින් ද සිල්වා  කියන මහින්ද නොකළ වැරැද්ද මැයෙන් අදහස් කරන්නේ කඩින් කඩ හෝ මැතිවරණ තබා ජනමතය උරගා බැලීම ගැනද යන්න දැඩි  අවධානය යොමුකළ භයානක කරුණක් බවයි.

ඒ ජීවිත කාලයම ජනාධිපතිව සිටීමට හැකිවන ලෙස මහින්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කල නමුත් 2015 දී ජනාධිපතිවරණය පැවැත්වීම හමුවේ   පරාජය වූ නිසා බවත්  ඒ අනුව නලින් ද සිල්වා මහාචාර්යවරයා මේ යෝජනා කරන්නේ තම විශ්‍රාමික මිලිටරි ජෙනරාල් සගයන්ගෙන් සැදුම්ලත් ජුන්ටා පාලනයක් විය හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්