මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ රවි විද්‍යාලංකාරගේ බිරිඳ බැසිලිකා විද්‍යාලංකාර සහ  පුත් අසේල ජයම්පති රාජසුන්දර විද්‍යාලංකාර, මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීම ජනාධිපතිවරණයෙන්

පසුව සිදුකරන්නැයි මැතිවරණ කොමිසන් සභාව වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි පළවන මාධ්‍ය වාර්තා අසත්‍යබවත්, මැතිවරණ කොමිසන් සභාවෙන් මෙතෙක් එවැනි ඉල්ලීමක් ලැබී නොමැතිබවත් පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

එම නිලධාරියා එබව සඳහන් කළේ, රවී විද්‍යාලංකාරගේ පුත්‍රයා විසින් මැතිවරණ කොමිසන් සභාවට කරන ලද පැමිණිල්ලකට වහාම ප්‍රතිචාර දක්වමින් මැතිවරණ කොමිසම මූල්‍ය අපරාධ කොට්ඨාසයේ කටයුතු වලට බලපෑම් කර ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් theleader.lk කළ විමසීමකදීය.

PHOTO 2019 11 02 14 10 44

මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශ්‍රාමික රවී විද්‍යාලංකාරගේ පුත්‍රයා  මැතිවරණ කොමිසමට පැමිණිලි කරමින්, තමාට සහ තමන්ගේ මවට මේ මස 4 සහ 5 යන දිනයන්හි මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණ ප්‍රකාශ ලබා දෙන ලෙස දන්වා තිබෙන බවත්, තමන් සහ මව එම දිනවල මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණ ප්‍රකාශ ලබාදීම පිළිබඳව මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබාදී ඇති බවත් එමගින්  ජනාධිපතිවරණයේ අපේක්ෂකයකුට විශාල වාසියක් සිදුවන බවත් දන්වා ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

එසේ පැමිණිලි කර ඇති අසේල විද්‍යාලංකාර තමාට සහ මවට මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණීම ජනාධිපතිවරණය නිමවූ පසුව එනම් මේ මස 20 වැනිදායින් පසුව සිදුකරන ලෙස ඉල්ලීමක් කර ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

මැකෝට එවැනි බලයක් නැහැ !

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ රවි විද්‍යාලංකාරගේ බිරිඳ සහ  පුත්‍රයා මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීම ජනාධිපතිවරණයෙන් පසුව සිදුකරන්නැයි මැතිවරණ කොමිසන් සභාව වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී  ඇත්දැයි විමසීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අප දරු උත්සාහය අසාර්ථකවිය.

කෙසේවුවද අපගේ විමසීමට ප්‍රතිචාර දැක්වූ ඉහත පොලිස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින්  සිදුකරන විමර්ශන වලට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහය අත්හිටුවීමට මැතිවරණ කොමිසමට බලයක් නොමැති බවයි.

එහෙයින් දැනුම් දී ඇති පරිදිම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ රවි විද්‍යාලංකාරගේ බිරිඳ ගෙන් කළු සල්ලි සුදු කිරීම හෙවත් මුල්‍ය විශුද්ධිකරණය සම්බන්ධයෙන් හෙට දිනයේදී ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු යොදා ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේ කතාවක් ...!

0a12a68bcbf4fc8bad8bd33b06ec38ae Lරවි විද්‍යාලංකාරගේ බිරිඳට සහ පුත්‍රයාට පසුගිය සමයේ කෝටි ගණනක අතිවිශාල ධනස්කන්දයක් ලැබී ඇති ආකාරය මූල්‍ය අපරාධ කොට්ඨාසය මේවනවිට විමර්ශනය කරමින් සිටියි. 

එම තත්වය යටතේ රවි විද්‍යාලංකාරගේ බිරිඳ සහ පුත්‍රයා තමන් විසින් මැණික් ගල් ව්‍යාපාරයක් හරහා මෙම  ධනස්කන්දය උපයාගත් බව පෙන්වීම සඳහා මේදිනවල අදාල ලිපි ලේඛන සකසමින් සිටින බව theleader.lk වෙත ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තා වේ.

මිට ඉහතදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂටද රුපියල් මිලියන 521ක් අයතා ලෙස උපයාගැනීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක වූ අතර එහිදී යෝෂිත ප්‍රකාශකර තිබුනේ සිය මිත්තණියක වන ඩේසි ෆොරස්ට් (85) ගෙන් මැණික් මල්ලක් ලැබුන බවකි.

මෙහි විශේෂත්වය වන්නේ යෝෂිත රාජපක්ෂට එරෙහි එම විමර්ශනය සිදුකලේ එවකට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානියා වූ නීතිඥ රවි විද්‍යාලංකාර වීමයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්