ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබන බ්‍රහස්පතින්දා (06) දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.



වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව සහ ජාත්‍යන්තර සහයෝගය පිළිබඳ තමා බ්‍රහස්පතින්දා දිනයේ පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශය සිදුකරන බව ඊයේ (03) පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ජනාධිපතිවරයා ප්‍රකාශකර ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අවශ්‍ය නම් පාර්ලිමේන්තු විවාදයක් ද ලබාදීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ජගත් කුමාර මාධ්‍ය වෙත ප්‍රකාශකර තිබේ.


22 ව්‍යවස්ථාවට පොහොට්ටුව එරෙහිවේ !


ජනාධිපතිවරයා විසින් මෙවැනි විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇත්තේ, බ්‍රස්පතින්දා සහ සිකුරාදා දෙදින 22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවාදයක් පවත්වා සිකුරාදා දින සවස ඡන්දයක් පැවත්වීමට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සැලසුම් කර තිබියදීය.

කෙසේවුවද ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී 22 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් නොකරන ලෙස එස්.බී. දිසානායක, සාගල රත්නායක ඇතුළු පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරා වෙත ප්‍රකාශකර තිබුනේ, විධායක බලතල සහිත ජනාධිපති ධුරය තවදුරටත් පවත්වාගෙන යායුතු බවට අවධාරණය කරමිනි.

නව ව්‍යවස්ථා සංශෝධනයට තමා ඡන්දය නොදෙනබව පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මේවනවිට ප්‍රසිද්ධියේම ප්‍රකාශකර තිබේ.


බැසිල්ගේ ලයිස්තුවේ දස දෙනා !


එසේම, බැසිල් රාජපක්ෂගේ කැබිනට් අමාත්‍ය ධුර ලේඛනයේ නම් සඳහන් පොහොට්ටු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් 10 දෙනාද සිකුරාදාට පෙර තමන්වෙත කැබිනට් අමාත්‍ය ධුර හිමි නොවුනහොත් ව්‍යවස්ථා ඡන්දය වර්ජනය කිරීමට තීන්දුකර ඇත.

එසේ ඡන්දය වර්ජනය කිරීමට තීන්දු කර ඇත්තේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ, එස්.බී. දිසානායක, සී. බී. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, විමලවීර දිසානායක, එස්.එම්. චන්ද්‍රසේන, මහින්දානන්ද අලුත්ගමගේ හා සරත් වීරසේකර යන බැසිල් ලයිස්තුවේ දස දෙනාය.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්