ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) විසින් බෝම්බ පිපුරුමක් සැලසුම් කරමින් සිටින බවට, ට්විටර් පණිවුඩයක් උපුටා දක්වමින් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න විසින් මැතිවරණ කොමිසම

වෙත කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විරෝධය පළකරමින් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ සම මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වෙත ලිපියක් යොමු කර ඇත. 

රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ පසුගිය අප්‍රේල් 21 පාස්කු ඉරිදාවේ සිදුවූ අන්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයට ගෝඨාබයට හිතවත් විශ්‍රාමික හමුදා බුද්ධි අංශ සාමාජිකයින්ගේ යම් සම්බන්ධතාවයක් තිබේදැයි සැකයක් මතුවෙමින් තිබිය දිය.

ජනාධිපතිවරණයේ අවසන් සතිය තුළ යම් දේශපාලන කණ්ඩායමක් බෝම්බ පිපිරුමක් කිරීමේ සැලසුමක් ඇති බවට සැකයක් ඇති බව කියමින් ලැබුණු ට්විටර් පණිවිඩයක් පිළිබඳව අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න විසින් පොලිස්පතිවරයාට යොමු කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

පැමිණිල්ල පොලිස් ස්ථානයට යොමුකර ඇති බවත් පොලිස් මූලස්ථානය මේ පිළිබඳව වාර්තා කැඳවීමට රාජ්‍ය බුද්ධි සේවයට, පොලිස් විශේෂ කාර්යංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියා සිටියි.

ඉරාන් වික්‍රමරත්න නොවැම්බර් 06 වන දින පොලිස්පතිවරයාට සහ මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දන්වා ඇත. එම තොරතුරුවල සත්‍ය අසත්‍යතාව නොදන්නා බව ඇමතිවරයා සඳහන් කර තිබේ. තමන් ඇතුළු මන්ත්‍රීවරුන් තිදෙනෙකු වෙත ට්විටර්  පණිවිඩයක් මගින් එම තොරතුරු ලැබුණු බව ඔහු එහි සඳහන් කර ඇත.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image