''ගෝඨාබය රාජපක්ෂ මැතිතුමා ඇමරිකන් ජාතිකයකු වුවත් අපට ප්‍රශ්නයක් නැහැ. ඔහු සඳේ හි ඉපදුනත් ප්‍රශ්නයක් නැහැ. 100% ඔහු අපේ මීළඟ ජනාධිපති කරනවාමයි '' යයි TNL නාලිකාවේ විධායක අධ්‍යක්ෂ ඉෂිනි වික්‍රමසිංහ පෙරේරා අවධාරණය කර සිටින්නීය.


අගමැති රනිල් වික්‍රමසිංහගේ වැඩිමල් සොයුරු ශාන් වික්‍රමසිංහගේ දියණිය වන ඉෂිනි, සිය FB පිටුවේ සටහනක් තබමින් එබව සඳහන් කර ඇත. 

Screen Shot Ishini
තුන්වැනි ලැයිස්තුවේත් ගෝඨාගේ නම නෑ

මෙම වසරේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගන්නා ලද පුද්ගලයන්ගේ තෙවන නම් ලැයිස්තුව (ෆෙඩරල් රෙජිස්ටරය) මේ වන විට ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තුමේන්තුව විසින් මහජන පරිශීලනය සඳහා නිකුත්කර ඇති අතර, එහි ප්‍රසිද්ධ කර ඇති නම් 183 අතර ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුලත් වී නැත.

මෙම ලැයිස්තුව සැප්තැම්බර් 30 අවසන් වූ වසරේ තෙවන කාර්තුව සඳහා නිකුත්කර ඇත.

නොවැම්බර් 12 වැනි දින මෙම වාර්තාව නිලවශයෙන් ප්‍රසිද්ධ කිරීමට නියමිත අතර මෙය මෙරට ජනාධිපතිවරණයට පෙර නිකුත්කරන අවසන් ෆෙඩරල් රෙජිස්ටරය වේ.

අදාල වාර්තාව සඳහා (මෙහි ක්ලික්) කරන්න

'අලී සබ්රිගේ බලපත්‍රය අහෝසි කල යුතුයි' - මංගල 

මේ අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසන්නේ, ගෝඨාබය රාජපක්ෂ අමෙරිකානු පුරවැසිභාවය නීත්‍යානුකූලව ඉවත් කරගෙන ඇතැයි කියමින් මහජනයා නොමඟ යැවීම සදහා ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ අලී සබ්රිගේ නීතිඥ බලපත්‍රය අහෝසි කල යුතු බවයි. 

නීතිඥ අලි සබ්රි විසින් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් එබව සඳහන් කර ඇත.

ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කරමින් නීතිඥ අලි සබ්රි සදහන් කළේ ගෝඨාබය රාජපක්ෂ තවදුරටත් අමෙරිකානු පුරවැසියෙකු බවට පළවන වාර්තා අසත්‍යයි බවයි. එසේම ඒ බව තහවුරු කරන සියලු ලිපි ලේඛන මැතිවරණ කොමිසන් සභාව වෙත ඉදිරිපත් කළ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍යවරයා නිකුත් කර ඇති ට්විටර් පණිවිඩයේ පහත කරුණු ද අවධාරණය කර ඇත.

1. ගෝටාභය රාජපක්ෂගේ යැයි කියනු ලබන ගුවන් ගමන් බලපත්‍රයේ ඉංග්‍රීසි භාෂාවෙන් සදහන්ව ඇත්තේ සාමාන්‍ය පරිදි මුද්‍රා තබන 'cancelled' ලෙස නොව 'cancel' ලෙසයි. 

2. සහතිකය ලියා ඇත්තේ ශ්‍රී ලාංකීය ක්‍රමයට (දිනය/මාසය/වසර) මිස ඇමෙරිකානු ක්‍රමයට (මාසය/දිනය/වසර) නොවේ.

3- තවද ගෝටාභය රාජපක්ෂගේ නම නවතම ඇමෙරිකානු ෆෙඩරල් ලේඛනයේ ඇතුලත් නොවේ.

Screen Shot 2019 11 11 at 8.21.15 AM
වීඩියෝ 


සහතික ‌පෙන්වන්නැයි කියමින් ඉඟුරුවත්තේ සුමංගල හිමි‌ උපවාසයේ 

ඒ අතර "ගොඨාභය රාජපක්ශ ඇමරිකන් පුරවැසියෙකුද? නැද්ද? යන්න රටට හෙලි කරන්න..! යි ඉල්ලමින් පුජ්‍ය ආචාර්ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් ඊයේ (10)  උදෑසන කොළඹ නිදහස් චතුචරශ්‍රයේ දී උපවාසයක් ආරම්භ කර තිබේ.

වීඩියෝ 


සබැඳි පුවත් :
''ගොඨබයගේ පුරවැසිභාවය අපට අදාල නැහැ, ජනතා අධිකරණයේදී පරාජය කරනවා'' -එජාපෙ කියයි (VIDEO)

 ඇමරිකානු ලේඛනය එයි : ගෝඨාබය තවමත් ඇමරිකන්..! ‌ඔහුට දෙන ඡන්දය වතුරේ..!!

දිනුවත් වැඩක් නැහැ! -ගෝඨාබය තවම ඇමරිකානුවෙක්..! ඇමරිකාවේ නඩු පවරයි..! නඩු පිටපත ‌මෙන්න..!!! (VIDEO)

ගෝඨාබය රාජපක්ෂට රාජ්‍යද්‍රෝහී චෝදනාවක්!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්