ජනාධිපතිවරණ සමීක්ෂණ වාර්තාවලට අනුව මේවනවිට එජාපෙ සජිත් ප්‍රේමදාස ඉදිරියෙන් සිටින බව තහවුරු වීමත් සමග කලබලයට පත්ව සිටින පොහොට්ටු පක්ෂ නායකයින් දෙමල හා මුස්ලිම් විරෝධයට අමතරව කුල
බේදය ද ඉස්මතු කරමින් සැලසුම් සහගත ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භකර ඇති බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් theleader.lkවෙත වාර්තාවේ.
රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රීකයන්හි 'පොහොට්ටුවේ' ප්‍රධානින් කිහිප දෙනෙකු විසින් ඉතාමත් රහසිගතව සැලසුම් කර ඇති මෙම මෙහෙයුම හෙට (14) හා අනිද්දා (15) දිනයන්හිදී ක්‍රියාත්මක කිරීමට නියමිත බව පැවසේ.
මිට අමතරව ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රීක්කයන්හි මෙන්ම මහනුවර දිස්ත්‍රීක්කය තුලද අදාල මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට මේවනවිටත් සැලසුම් කර ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
බලය ලබා ගැනීම සඳහා වුව කවර පක්ෂයක් හෝ පුද්ගලයකු ජාතිභේද, ආගම් භේද හෝ කුල බේද යොදා ගැනීම අතිශයින් පිළිකුල් සහගතය. රාජපක්ෂවරුන් ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසය පුරාම දැඩි කුලවාදීන් ලෙස සැලකේ.