ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ මෙවර ජනාධිපතිවරණය සුවිශේෂී එකක් වන්නේ, පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවම මට්ටමක පැවතීම හේතුවෙනි.

පැෆ්රල් ආයතනය 2019 සැප්තැම්බර් 27 දින සිට නොවැම්බර් 13 වන දා පස්වරු 4.30 දක්වා පූර්ව මැතිවරණ ප්‍රචාරක කාලය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව අනුව කිසිදු මනුෂ්‍ය ඝාතනයක් වාර්තා වී නොමැත.

ඊට අමතරව, බරපතල ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට අදාළ නීති උල්ලංඝණය කිරීම් වාර්තා වී ඇත්තේ, 68ක් පමණි. ඉන් බරපතල ඝණයේ පහර දීම් සිද්ධි ඇත්තේ 15ක් පමණි.

පහත දැක්වෙන්නේ එම වාර්තාවයි.

Paffral1

පැෆ්රල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි බීබීසී සිංහල සේවයට පැවසුවේ, මීට පෙර පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීම්වලට සාපේක්ෂව මෙවර පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල සැලකිය යුතු අඩුවක් දක්නට ලැබෙන බවය.

Paffral2

Paffral3සුවිශේෂී තත්ත්වයක්:

මෙවර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් විශේෂතා කිහිපයක් දක්නට ඇතැයි පැෆ්රල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසීය.

    # සදාචාරවත් නොවන ආකාරයට මාධ්‍ය භාවිත කිරීම
    # ආගමික නායකයින් අතිශය දේශපාලනීකරණය වීම
    # රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් රජයට මෙන් ම විපක්ෂයට ද චෝදනා එල්ල වීම


"මේ ජනාධිපතිවරණයේදී වැඩියෙන් ම මැතිවරණ නීති කඩ කළේ ජන මාධ්‍ය ආයතන. ඒක හරි ම කනගාටුදායක මට්ටමක තිබුණා. අනික් පැත්තෙන් ආගමික නායකයින්, විශේෂයෙන් ම බෞද්ධ භික්ෂූන් දේශපාලනීකරණයට ලක් වෙලා තිබුණා," පැෆ්රල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේය.

"සමස්තයක් විදිහට ගත්තා ම මේ පාර රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සිදුවුණේ අඩුවෙන්. විශේෂත්වය තමයි රජය පමණක් නොවේ විපක්ෂයත් රාජ්‍ය දේපළ අවභාවිත කළා. පළාත් පාලන ආයතන වැඩි සංඛ්‍යාවක බලය විපක්ෂයට තියෙන නිසා ඒ තත්ත්වය ඇති වුණේ. 

පළාත් පාළන ආයතන 23ක් සම්බන්ධයෙන් රාජ්‍ය දේපළ අවභාවිත කිරීම් ගැන පැමිණිලි ලැබී තියෙනවා. ඒ අතරින් පළාත් පාලන ආයතන 23ක බලය තියෙන්නේ විපක්ෂයට. ඒ නිසා පාලක පක්ෂය විතරක් මේ පාර රාජ්‍ය දේපළ අවභාවිත කළා කියන්න බැහැ."

Rohana                                                         පැෆ්රල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි

රෝහණ හෙට්ටිආරච්චි සදහන් කළේ, පොලිතින් භාවිතය අඩු වීම සහ සාමාන්‍ය ජනතාව ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වීම අඩු වීම මෙවර දක්නට ලැබුණු ධනාත්මක ප්‍රවණතාවක් බවය.

2010, 2015 සහ 2019 වසරවල ජනාධිපතිවරණ ඡන්ද විමසීම් සම්බන්ධ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබද සන්සන්දනාත්මක වාර්තාවක් ද පැෆ්රල් ආයතනය නිකුත් කළේය.

මේ අතර, පසුගිය ඔක්තෝබර් 8 වන දා සිට මේ දක්වා පැමිණිලි 3729ක් ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇතැයි එම කොමිෂන් සභාව පවසයි.


"ඉතා යහපත් තත්ත්වයක්"vishaka

ශ්‍රී ලංකාවේ මීට පෙර පැවති මැතිවරණ සමග සන්සන්දනය කිරීමේදී මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන ආකාරය "ඉතා යහපත් තත්ත්වයක්" බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විශාකා සූරියබණ්ඩාර පෙන්වා දුන්නාය.

බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ, "වත්මන් රජයේ ඇතැම් සාධනීය ලක්ෂන හේතුවෙන් යම් ආකාරයකට ශ්‍රී ලංකාවේ දේශපාලනික සංස්කෘතියේ වෙනසක් සිදුව ඇති," බවය.

ආචාර්ය විශාකා සූරියබණ්ඩාර පෙන්වා දුන්නේ, සමාජ මාධ්‍ය භාවිතය ඉහළ යාම ද මෙම පරිවර්තනයට හේතු වූ බවය.

"මේ ජනාධිපතිවරණයේදී ජාතිවාදය පදනම් කරගෙන ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධ වුණෙත් නැහැ සමස්තයක් විදිහට. ජාතිවාදය හෝ වෙනත් උපක්‍රමික සිද්ධි සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් දැඩි ලෙස ප්‍රතිචාර දැක්වූවා. ඒ වගේ ම ඒ වගේ සිද්ධි ගැන නිරන්තරයෙන් දැනුවත් කළා. ඒ නිසා සමාජයේ යම් සමබර තත්ත්වයක් නිර්මාණය වුණා. භෞතික වශයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා අවම වෙන්න ඒකත් හේතු වුණා."

(බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්