රටේ සිදුවිය යුතු අත්‍යාවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනතාව දැනුවත් කරන මෙන්ම ඒවා සිදු කිරීමට

රජයට බලකරන ගොඩයමු සාමූහිකයේ තේමා ගීතය සහ ජාතික පණිවිඩය ඊයේ (23) දා මරදාන ට්‍රේස් සිටි ශ්‍රවණාගාරයේදී එළිදැක්වුනා.

මෙහි ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූයේ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් නොමිලේම තමන්‍ගේ දායකත්වය ලබා දුන් ජ්‍යෙෂ්ට ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස්ය.

මෙම එළිදැක්වීම සඳහා සියලු මාධ්‍යවලට ආරාධනා කර තිබුණු අතර ගොඩයමු ව්‍යාපෘතිය පිළිබඳ ඕනෑම ප්‍රශ්නයක් ඇසීමට එහිදී අවකාශ සලසා තිබුණා.

ගොඩයමු සාමූහිකය පෙනී සිටින මූලික අවම ආර්ථික ප්‍රතිසංස්කරණයන් මේවායි.


# සියල්ල රජයෙන් ලබා දිය යුතු යැයි සිතන සුබසාධනවාදී ජාතික මානසිකත්වයෙන් ගැලවීම.

# රාජ්‍ය සේවයේ බඳවාගැනීම් වහා නතර කිරීම සහ රාජ්‍ය අංශය කාර්යක්ෂම කිරීම.

# පාඩු ලබන රාජ්‍ය ආයතන ජනතාකරණය කිරීම.

# ආයෝජනවලට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සහ  බාධාකාරී නීතිරීති ප්‍රතිසංස්කරණය.

# ඵලදායී, කාර්යක්ෂම සමාජ ආරක්ෂණ ජාලයක් ඇති කිරීම.


ගොඩයමු සාමූහිකයේ ආර්ථික ප්‍රතිසංස්කරණ පාදක වී ඇත්තේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය විසින් යෝජනා කරන ලදුව පාර්ලිමේන්තුවේ බොහෝ පක්ෂවල නියෝජිතයන් විසින් පිළිගත් අවම ආර්ථික වැඩපිලිවෙල මතයි. මෙය කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවූ පුරවැසි ක්‍රියාකාරීත්වයක් බව ගොඩයමු සාමූහිකය පවසයි.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් හැකි උපරිම සහයෝගය ලබා දෙමින් තමන් සමග අත්වැල් බැඳගන්නා මෙන් ගොඩයමු සාමූහිකය මෙහිදී සියලු මාධ්‍ය වලින් ඉල්ලීමක්ද කරනු ලැබුවා.

මහාචාර්ය රොහාන් සමරජීව, ඇඩ්වොකාටා ආයතනයේ ධනනාත් ෆර්නැන්ඩො, රන්දුලා ද සිල්වා සහ චින්තන ධර්මදාස යන අය මෙහිදී ‍ගොඩයමු සාමූහිකය වෙනුවෙන් අදහස් දැක්වුවා.

 

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්