ශ්‍රී ලංකාවේ 8 වෙනි ජනාධිපතිවරණය අද (නොවැම්බර් 16) සෙනසුරාදා පැවැත්වෙන අතර මෙතෙක් පැවති ජනාධිපතිවරණවල ප්‍රතිඵල සසඳා බැලීමේදී ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත් අපේක්ෂකයන් ජයගත් විශේෂ ඡන්ද බල ප්‍රදේශ තිබේද යන්න පිළිබඳ පරිගණක විද්‍යාඥයකු විසින් විශ්ලේෂණයක් සිදු කර තිබේ.

පරිගණක විද්‍යාඥ නුවන් සේනාරත්න කළ එම විශ්ලේෂණය පසුගියදා ප්‍රකාශයට පත් කර තිබිණි.

එහිදී සාමාන්‍යයෙන් ලෝකයේ මැතිවරණවල "බෙල්වෙදර් ඡන්ද කොට්ඨාස" ලෙස එනම් යම් මැතිවරණයක් ජයගැනීමට පෙර එහි අතීත ප්‍රතිඵල අනුව ජයගැනීමට අත්‍යවශ්‍ය ලෙස සැලකෙන ප්‍රදේශ ගැන විශ්ලේෂණය කර ඇත.
උදාහරණයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ පවත්වා ඇති ජනාධිපතිවරණ 58න් ජනාධිපතිවරණ 2ක් හැර සියලුම ජනාධිපතිවරණවලදී එරට ඔහායෝ ප්‍රාන්තය ජයග්‍රහණය කළ අපේක්ෂකයා ජනාධිපතිවරණය ජය ලබා තිබේ. එබැවින් ඔහායෝ ප්‍රාන්තය එරට ජනාධිපතිවරණය ජයගැනීමට තීරණාත්මක "බෙල්වෙදර්" ප්‍රදේශයක් ලෙස හැඳින්වේ.

මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ තීරණාත්මක "බෙල්වෙදර්" ඡන්ද බල ප්‍රදේශ තිබේද යන්න පරිගණක විද්‍යාඥ නුවන් සේනාරත්න සිය විශේලේෂණයෙන් සොයා බලා තිබේ.

එම විශේලේෂණය අනුව ශ්‍රී ලංකාවේ "පූර්ණ බෙල්වෙදර්" ලෙස හැඳින්විය හැකි ඡන්ද කොට්ඨාස 8ක් තිබේ.

මින් පෙර පැවති ජනාධිපතිවරණ ජයගත් සියලු අපේක්ෂකයන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර තිබෙන්නේ පහත දැක්වෙන කොට්ඨාස ජයගනිමිනි.

    මොරටුව
    රත්මලාන
    ජා-ඇල
    කටාන
    මාවතගම
    පොළොන්නරුව
    මින්නේරිය
    මැදිරිගිරිය

අදාළ විශ්ලේෂණයට අනුව ඉහත දැක්වෙන ඡන්ද කොට්ඨාස 8 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණවල "පූර්ණ බෙල්වෙදර්" ඡන්ද කොට්ඨාස ලෙස හඳුන්වා ඇත.

කෙසේ නමුත් දිවයින පුරා විහිදී ඇති මෙම "පූර්ණ බෙල්වෙදර්" ඡන්ද කොට්ඨාස ව්‍යාප්තියේ පැහැදිලි රටාවක් නොමැති බව නුවන් සේනාරත්නගේ මතයයි.


ජනාධිපතිවරණ ජයගත් සියළු ජනාධිපතිවරුන්ට ජය ගෙනා දිස්ත්‍රීක්කය !

මෙම විශේලේෂණයට අනුව ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති ජනාධිපතිවරණවල "පූර්ණ බෙල්වෙදර්" දිස්ත්‍රික්කයක් ඇත්තේ මෙතෙක් පැවති ජනාධිපතිවරණ 7දීම ජයග්‍රාහකයා වෙනුවෙන් සිය මානාපය පලකළ පොළොන්නරුව දිස්ත්‍රික්කයයි. ජනාධිපතිවරණ ජයගත් සියළු ජනාධිපතිවරුන් පොළොන්නරු දිස්ත්‍රික්කය ජයගෙන තිබීම විශේෂත්වයකි.

 කොළඹ, ගම්පහ, කුරුණෑගල, පුත්තලම, මහනුවර, කෑගල්ල, රත්නපුර, මොණරාගල සහ හම්බන්තොට යන මැතිවරණ දිස්ත්‍රික්ක ජයගන්නා අපේක්ෂකයා එක් අවස්ථාවක හැර අන් සියළු අවස්ථාවල ජනාධිපතිවරණ ජයගෙන තිබීමද විශේෂත්වයකි.

ජනාධිපතිවරණය ජයගැනීම ඡන්ද කොට්ඨාස ප්‍රමාණය මත නොව රටේ සමස්තයක් ලෙස ලබාගන්නා ඡන්ද ප්‍රමාණය මත සිදුවන නිසා නුවන් සේනාරත්න සිය විශ්ලේෂණයේදී ජනාධිපතිවරණ ජයග්‍රහණය කළ අපේක්ෂයා ලබාගත් සමස්ත ඡන්ද ප්‍රතිශත සමග සංසන්දනය කිරීමෙන් ශ්‍රී ලංකාවේ "ප්‍රතිශත බෙල්වෙදර්" කොට්ඨාස හඳුනා ගැනීමට උත්සහ කර තිබේ.

ශ්‍රී ලංකාවේ ඡන්ද කොට්ඨාශ 160 සඳහාම, ජනාධිපතිවරණ ජයග්‍රහණය කළ අපේක්ෂකයා, එම ඡන්ද කොට්ඨාශයේ ලබාගත් ඡන්ද ප්‍රතිශතය සහ රටපුරා ලබාගත් මුළු ඡන්ද ප්‍රතිශතය සසඳා බලා එම ප්‍රතිශත දෙක අතර සංඛ්‍යානාමය වෙනස විමර්ශනය කිරීමෙන් අනතුරව අඩුම සංඛ්‍යානමය වෙනස ඇති කොට්ඨාසය ලෙස මොරටුව ඡන්ද බල ප්‍රදේශය හඳුනාගත් බව ඔහු සඳහන් කරයි.

 109663519 moratuwa.pngමොරටුවෙන් පසු එවැනි අඩුම වෙනස ඇත්තේ යටිනුවර ඡන්ද බල කොට්ඨාසයේය.

අදාළ විශ්ලේෂණයේ සඳහන් පරිදි "ප්‍රතිශත බෙල්වෙදර්" ඡන්ද කොට්ඨාස පිළිවෙලින්

    මොරටුව
    යටිනුවර
    මාවතගම
    බේරුවල
    කැලණිය
    බිංගිරිය

ප්‍රතිශත බෙල්වෙදර් ඡන්ද කොට්ඨාශ මෙන්ම ප්‍රතිශත බෙල්වෙදර් මැතිවරණ දිස්ත්‍රික්කද නුවන් සේනාරත්න විශ්ලේෂණය කර ඇති අතර අවසාන ප්‍රතිඵලයේ ඡන්ද ප්‍රතිශතවලට සමානතම ඡන්ද ප්‍රතිශත ඇති මැතිවරණ දිස්ත්‍රික්කය ලෙස ආසන්නම ස්ථානයට පැමිණ තිබෙන්නේ පිළිවෙලින් පුත්තලම හා කුරුණෑගලය.

කෙසේ නමුත් මෙම "බෙල්වෙදර්" ප්‍රදේශ ජයගන්නා පුද්ගලයා ඉදිරි ජනාධිපතිවරණය නිශ්චිතවම ජයගන්නා බව සිතීම වැරදි වැටහීමක් බව නුවන් සේනාරත්න සිය විශ්ලේෂනයෙන් පෙන්වාදෙයි. උදහරණයක් ලෙස 2015 මැතිවරණයට පෙර ශ්‍රී ලංකාවේ "පූර්ණ බෙල්වෙදර්" ඡන්ද කොට්ටාශ 44ක් තිබී ඇති අතර 2015 ප්‍රතිඵලයත් සමග එය 8ක් දක්වා පහත වැටී තිබෙන බව ඔහු පෙන්වාදෙයි.

"2015 මැතිවරණයට පෙර, පූර්ණ බෙල්වෙදර් ඡන්ද කොට්ඨාස 44 ක් තිබුණි. අවිස්සාවේල්ල එවැනි ඡන්ද කොට්ඨාසයකි. 2015ට පෙර ජනාධිපතිවරණ හයේම, අවිස්සාවේල්ල ජයගත් අපේක්ෂකයා මුළු ජනාධිපතිවරණයද ජයගත්තේය. 2015 මැතිවරණයෙන් පසු ඔබ ප්‍රතිඵල නරඹනවා යැයි සිතමු. අවිස්සාවේල්ල ඡන්ද කොට්ඨාසය අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජයගැනීම ඔබ දුටුවා යැයි සිතමු. එ.ජ.නි.ස. අපේක්ෂකයා මැතිවරණය ජයග්‍රහණය කර ඇති බව ඔබට නිගමනය කළ හැකිද? එසේ කළ නොහැක," ඔහු සිය විශේලේෂණයේ සඳහන් කර තිබේ.

ඡන්දදායකයින්ගේ මනාපයන් සහ අවශ්‍යතා ගැන දැන ගැනීමට 'බෙල්වෙදර්' ඡන්ද කොට්ඨාස උචිත ස්ථාන විය හැක බව පෙන්වාදෙන පරිගණක විද්‍යාඥ නුවන් සේනාරත්න මෙවැනි ඡන්ද කොට්ඨාස සමස්තයක් ලෙස රට සඳහා "නියැදි භූමි" ලෙස ක්‍රියා කළ හැකි බව පවසයි.

එවැනි නියැඳි වලින් ලබාගන්නා අවබෝධය මුළු රටටම ක්‍රියාත්මක කිරීම සාර්ථකත්වයට හේතුවක් විය හැකි බව ඔහුගේ මතයයි.

(බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්