ගෝඨාබය රාජපක්ෂ ජයග්‍රහණය කර ඇතිබවට බැසිල් රාජපක්ෂගේ මාධ්‍ය ඒකකය විසින් ගෙනයන ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසත් ජනාධිපතිවරණයේ ජයග්‍රහණය තීරණය වන්නේ තැපැල් ඡන්දවලින් නොව සමස්ත දිස්ත්‍රික්ක වල ප්‍රතිඵල මතබවත් සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය ඒකකයේ නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක පවසයි. 

ඒ සම්බන්ධයෙන් ඔහු තවදුරටත් මෙසේද කියා සිටියි.

''සජිත් මැතිතුමා වෙනුවෙන් කැපවුනු ඔහුව ශ්‍රී ලංකාවේ හත්වෙනි ඡනාධිපතිවරයා කරන්නට බලාපොරොත්තුවන සියළුම ශ්‍රී ලාංකික ජනතාවට අපි මේ පණිවිඩය නිකුත් කරන්නේ මේ වනවිට නිකුත් වී ඇති තැපැල් ඡන්ද ප්‍රතිඵල පදනම් කරගනිමින්.

මේ අවස්ථවේ විවිධ අසත්‍ය ප්‍රකාශ සමාජ ජාලා ඔස්සේ පතුරවමින් ඉන්නවා, සජිත් ප්‍රේමදාස මහතා පරාජය වෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රාහනය කරනවා කියලා. එය අමූලික මිත්‍යාවක් කියලා අපි කියන්න කැමති. 

මේ වෙනකොට දිස්ත්‍රික්ක මට්ටමෙන් ඡන්ද ගනන් කිරීම තවම අරඹලත් නැහැ. ඒ නිසා කිසිම ප්‍රතිශතයකින් ජයග්‍රාහනය කිරීමේ අනුමානය පිළිබඳව කරලා තියෙනවනම් ඒක මිත්‍යාවක් කියලා අපි කියන්න කැමති.

දෙවනුව අපි කියන්න කැමති තැපැල් ඡන්ද ප්‍රතිඵල මත මේ ජනාධිපතිවරණයේ අවසාන ප්‍රතිඵල තීරණය කළ නොහැකියි.

ආර් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය දිනනකොටත් තැපැල් ඡන්ද වලින් පැරදවුනා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඡන්දය දිනනකොටත් තැපැල් ඡන්ද වලින් පැරදුනා. ඒ නිසා එම තැපැල් ඡන්ද පදනම් කරගෙන යම් කිසි මිත්‍යාවක් මතුරනවානම් අද අපි කියන්න කැමති මිත්‍යාවෙම ඉන්න කියලා.

තෙවනුව අපි කියන්න කැමති මේ ඡන්දයේ දිනන දිස්ත්‍රික්කයේ වැඩි ඡන්ද ප්‍රමාණය මත නෙවෙයි පදනම් වෙන්නේ ඒ සමස්ත ශ්‍රී ලංකාවේ 22කින් ලබන බහුතර ඡන්දයේ එකතුව මතයි තීරණය වෙන්නේ. 

එහිදි අපි ඉතාම වගකීමෙන් කියනවා ඡන්ද දිස්ත්‍රික්ක 11ක ජය පැහැදිලිවම උතුරු නැගෙනහිර ඇතුලුව කොළඹ, මහනුවර, නුවරඑළිය, බදුල්ල සහ පුත්තලම දිස්ත්‍රික්කය අපි ජයග්‍රාහනය කරනවා. ඒ සමස්ත දිස්ත්‍රික්ක වලම ඡන්ද ප්‍රමාණයෙන් වැඩි ඡන්ද ප්‍රමාණය ලක්ෂ 11කට  ආසන්න වෙනවා ඒ ලක්ෂ 11ට සමාන කරන්නට ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්ද ගන්නවනම් ඔවුන් ජයග්‍රාහනය කරන හැම දිස්ත්‍රික්කයම ඡන්ද 65% ක ප්‍රමාණයක් ගන්න ඕනේ. එය කිසිසේත්ම කළ නොහැකියි.

 අපි දන්නවා ඔය ජනාධිපතිවරණය ජයග්‍රාහනය කරන දිස්ත්‍රික්ක කියලා තියෙන දිස්ත්‍රික්ක අතරෙනුත් දිස්ත්‍රික්ක 3කට ආසන්න ප්‍රමාණයක් අපි කරට කර ඉන්නවා කියලා. ඒ නිසා මේ යුද්දය අවසාන යුද්දය ජයග්‍රාහනය කරන්නේ සමස්ත දිස්ත්‍රික්ක වල ප්‍රතිඵල මිසක් මේ එක එක දිස්ත්‍රික්කය ලබන බහුතර ඡන්ද ප්‍රමාණය මත නෙවෙයි. 

ඒ නිසා මේ වෙලාවේ හුවමාරු වන බොරු ප්‍රචාර වලට නොවැරටි අවසාන ඉලක්කය ජයග්‍රාහනය කරනකම් නිදි මරාගෙන මේ ආරම්භ කරපු සටන ජයග්‍රාහනයකින් අවසන් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.''

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්