මේ වන විට සමාජ මාධ්‍ය තුළ නිල නොවන ලෙස සඳහන් කරමින් පළකරන තැපැල් ඡන්ද ප්‍රතිඵල වල කිසිම සත්‍යතාවක් නොමැති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින් 

" අද (16) රාත්‍රී 9.40 පමණ වන විට සියලුම තැපැල් ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල කවර විවෘත කරලා ගණන් කිරීම ආරම්භ කරලා තියෙන්නේ. ඇතැම් ජන්ද මධ්‍යස්ථානවල තැපැල් ජන්ද ගණනය කිරීම අවසන් අදියරේ පවතිනවා. මේ වන විට සමාජ මාධ්‍ය ජාල හරහා නිල නොවන තැපැල් ජන්ද ප්‍රතිපල බවට සඳහන් කරමින් පළකර ඇති සියළු ලේඛණ සැබෑ ප්‍රතිපල නොවෙයි.

රත්නපුර, කෑගල්ල, බදුල්ල දිස්ත්‍රික්කවල අද සවස ඇතිවූ වර්ෂාව නිසා සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබෙනවා. ඒ හේතුවෙන් එම ජන්ද මධ්‍යස්ථානවල ජන්ද පෙට්ටි ගෙන ඒමේ බාධාවක් ඇතිවුනා. ඇතැම් ජන්ද මධ්‍යස්ථානවල ජන්ද ගණනය කිරීම ආරම්භ වුයේ රාත්‍රී 10.00 පසුව බවයි මෙහිදී මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර සිටියේ. ඒ හේතුවෙන් එම දිස්ත්‍රික්කවල ප්‍රතිපල නිකුත් කිරීමේ ප්‍රමාදයක් ඇතිවිය හැකියි.

එමෙන්ම ජන්ද පෙට්ටි ප්‍රවාහන කරමින් සිටි වාහනයක් හදිසි අනතුරකට ලක්වී තිබෙනවා. එම අනතුරෙන් ජන්ද පෙට්ටි වලට හෝ නිලධාරින්ට හානියක් සිදුව නැහැ. එම ජන්ද පෙට්ටි සහ නිලධාරීන් ආරක්ෂා සහිතව බදුල්ල ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය බවයි" මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රකාශයත් සමග ගෝඨාබය රාජපක්ෂට හිතවත් ඇතැම් සමාජ මාධ්‍යවල පලවී තිබු පුවත් ඉවත්කර තිබේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්