මෙතෙක් ලැබී ඇති ඡන්ද ප්‍රතිඵල හමුවේ  සජිත් ප්‍රේමදාස මහතා  එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉවත් වීමට මම තීරණය කර ඇත.

මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ   දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නෑරම මට ඡන්දය දුන්  පුරවැසියන්ට හෘදයාංගම කෘතතාව පළ කර සිටිමිනි.

එසේම මේ වන විට  ශ්‍රී ලංකාවේ හත්වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව ගෝඨාබය රාජපක්ෂ වෙත සිය සුභපැතුම් ද එක්කර ඇත.

 ඉතිහාසයේ වඩාත්ම සාමකාමී ජනාධිපතිවරණය පැවැත්වීමට හැකිවුයේ  පසුගිය වසර පහ තුළ සිදුකරන ලද  ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවල ප්‍රතිපලක් ලෙස බවද පැමිණෙන නව ජනාධිපතිවරයාට  කෙරෙන  ආයාචනය නම්, ඔහු මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන ගොස් ශ්‍රී ලංකාවේ 7 වන ජනාධිපතිවරයා ලෙස සාමකාමීව තේරී පත්වීමට හැකි වූ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන හා සාරධර්ම ශක්තිමත් කර ආරක්ෂා කරන ලෙස ත් ඔහු සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්