ඇමති මලික් සමරවික්‍රම සහ රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
සිය නිල ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් රුවන් විජේවර්ධන ප්‍රකාශ කර සිටින්නේ තමන් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් සුභ පතන බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාම සඳහා සියලු ජන කොටස් ඒකාබද්ධ කොට බෙදීම් රහිත ජාතියක් ගොඩනැගීමට අපට හැකි වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සිය ට්විටර් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර සිටියි.
මංගල -හරින් ඉල්ලා අස්වේ !
සිය අමාත්‍ය පදවිවලින් ඉල්ලා අස්වන බව මංගල සමරවීර සහ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරුන් අද පෙරවරුවේ දැනටමත් නිවේදනය කොට තිබිණ.