ඕස්ට්‍රේලියාවේ සැන්ඩ්හර්ස්ට් හි පදිංචි 44 වියැති ශ්‍රී ලාංකික තිදරු මවකට ඇගේ නිවස තුළදී තියුණු ආයුදයකින් ඇණ ඝාතනය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත.



මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නෙලෝමි පෙරේරා නැමැති තිදරු මවකි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් 45 හැවිරිදි ඇගේ සැමියා මෙල්බර්න් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි ඕස්ට්‍රේලියාවේ 'නයින් නිව්ස්' පුවත් සේවය පෙන්වා දී ඇත.

අපරාධය සිදුවන අවස්ථාවේ නෙලෝමි පෙරේරාගේ දියණිය අසල්වැසි නිවාසවලින් උදව් ඉල්ලමින් යන වීඩියෝ දර්ශන සී.සී.ටී.වී කැමරාවල පටිගත වී ඇති බව නයින් නිව්ස් පුවත් සේවය සඳහන් කර තිබේ.

"මගේ අම්මා මැරිලා, මගේ අම්මා මැරිලා"යැයි නෙලෝමි පෙරේරාගේ දියණිය පැමිණ පැවසූ බව අසල්වැසියන් පොලිසියට සාක්ෂි දී ඇත.

නෙලෝමි පෙරේරාගේ ගැටවර පුත්‍රයාටද සැකකරු පහර දී ඇති බවත් පහර කෑමෙන් සිදු වූ තුවාල දරුණු නොවන බවත් මෙල්බර්න් පොලිසිය පවසයි.

නෙලෝමි සහ දිනුෂ් මෑතකදී වෙන් වී ඇති අතර වෙන් වූ පසු ඇය තම නිවසේ අගුළු පවා මාරු කළ බව අසල්වාසීන් පවසා ඇත.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්