ඔබතුමාට පාර්ලිමේන්තුවට එන්න පක්ෂය දුන්න එක් කෙනාට රතු පාස්පෝට් එකක් දෙන එක

ප්‍රශ්නයක් නෙමෙයි නේදැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ 'සමගි ජන ජනබලවේගයේ' කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් අමතමින් පැවසීය.

විදෙස් පුරවැසි මන්ත්‍රීවරියකට රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නිසා ආගමන විගමන පාලක ඉවත් කොට අලුත් ආගමන විගමන පාලකවරයෙක් පත් කර ඇතැයි මුජුබුර් රහුමාන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.

'' ආගමන විගමන පාලකයෙක් ගැන එතුමා කිව්වා. මොකක්ද ඔබතුමාට තිබෙන ප්‍රශ්නය. ඔබතුමාට පාර්ලිමේන්තුවට එන්න පක්ෂය දුන්න එක්කෙනාට රතු පාස්පෝට් එකක් දෙන එක ප්‍රශ්නයක් නෙමෙයිනේ.'' ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසිය.


''විදෙස් පුරවැසි මන්ත්‍රීවරියට පාස්පෝට් දෙන්න ආගමන විගමන පාලක ඉවත් කරලා''
 

විදෙස් පුරවැසි මන්ත්‍රීවරියකට රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නිසා ආගමන විගමන පාලක ඉවත් කොට අලුත් ආගමන විගමන පාලකවරයෙක් පත් කර ඔහු ලවා අදාල බලපත්‍රය නිකුත් කර ඇතැයි සමගි ජන  ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් පාර්ලිමේන්තුවේදී පැවසීය.

නීති හදන තැන අයම නීති කඩන බව කී මුජුබුර් රහුමාන් කථානායකවරයාද ඊට විරුද්ධව  ක්‍රියා කරන්නේ නැතැයි පැවසීය.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්