සියලුම සිවිල් රාජ්‍ය නිලධාරීන් වයස අවුරුදු 60 සම්පූර්ණ වූ විට අනිවාර්යයෙන්ම සේවයෙන් විශ්‍රාම ගතයුතු බවට වන නියෝගය ගැසට් පත්‍රය මගින්

ප්‍රකාශයට පත්කර තිබේ.


අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ අත්සනින් යුක්තව අදාළ ගැසට් පත්‍රය ඊයේ (05) දිනයේ ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.


ඒ අනුව එම නියෝගය ලබන වසරේ ජනවාරි මස පළමුවන දින සිට බලාත්මක වනු ඇත.


55 හැවිරිදි වයස පිරුණු විට හෝ ඉන් පසුව හෝ ආණ්ඩුවේ ඕනෑම සේවකයෙකුට ආණ්ඩුවේ සේවයෙන් විශ්‍රාම ගැනීමට හැකිවන අතර නියම බලධාරියෙකු විසින් සේවයේ රඳවා ගැනීමට තීරණය කළහොත් මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ වෙනත් නීතියක් මගින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස නිශ්චිතව තීරණය කර ඇති නිලධාරීන් හැර සියලුම රාජ්‍ය නිලධාරීන් ඒ අනුව අවුරුදු 60න් අනිවාර්යෙන්ම විශ්‍රාම යා යුතු වේ.


විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 17 වන වගන්තිය සම්පූර්ණයෙන් ඉවත් කර අදාළ නියෝගය ආදේශ කරමින් එය සංශෝධනය කර එම නව ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.


2309 04 S


''පරිපාලන සේවයේ 40ක් ගෙදර යනවිට ඒ තනතුරට 200ක් බලා සිටිනවා ''


ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති පදුල රෝහණ පවසන්නේ, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 40 දෙනකු අවුරුදු 60 සම්පූර්ණ වී විශ්‍රාම යන විට එම තනතුරට ඒමට 200 ක් පමණ බලා සිටින බවයි.


ප්‍රාදේශීය ලේකම්වරයාගේ සිට අමාත්‍යාංශ ලේකම් දක්වා 2400 ක් පමණ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සාමාජිකත්වය ලබාගෙන සිටින බවත් අවුරුදු 60 න් උසස් නිලධාරීන් විශ්‍රාම යෑමෙන් පසු රාජ්‍ය සේවය කඩා නොවැටෙන අතර විශ්‍රාම යන නිලධාරියා තමා විශ්‍රාම යන විට පිටුපසින් සිටින නිලධාරියා තමාගේ තැනට ගෙන ඒමට පුහුණුව ඇතුළු අවශ්‍ය පහසුකම් ලබාදිය යුතු බවත් ඔහු කියා සිටියේය.


උසස් රාජ්‍ය නිලධාරීන් විශ්‍රාම යෑමෙන් පසු රාජ්‍ය සේවය කඩා වැටෙන බවට ගෙන යන මතය වැරදි බවත්, විශ්‍රාම යෑමේ වයස සම්පූර්ණ වූ පසු තවදුරටත් ඔවුන් එම තනතුරේම තබා ගැනීමෙන් නවීන තාක්ෂණ දැනුම සහිත වැඩක් කළ හැකි තරුණ පිරිසට එම තනතුරුවලට පැමිණීමට නොහැකි වන බවත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති වැඩිදුරටත් පැවසීය.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්