මාස කිහිපයකින් මහ මැතිවරණයක් පවත්වා අගමැති ධුර බාර ගන්නා තෙක් බාරකාර ආණ්ඩුවක අගමැති ධුරය බාර නොගැනීමටත්,

එජාපයේ 'සජිත් වාදීන්ගේ' බලපෑම මත රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත්වන්නේ නම්, අගමැති ධුරය දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා වෙත පැවරීමටත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ තීරණය කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් theleader.lk වෙත වාර්තාවේ.

එම ආරංචිමාර්ග වලට අනුව මහින්ද රාජපක්ෂ එවැනි තීරණයක් ගෙන ඇත්තේ, නව ආණ්ඩුවක් සඳහා අමාත්‍යවරුන් පත්කිරීමේදී මේවනවිට බරපතල අර්බුදයක් මතුව තිබීමයි.

 ජනාධිපති ගෝඨාබයට සහය පලකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමාත්‍ය මණ්ඩලය සඳහා දැනටමත් මන්ත්‍රීවරුන් නවදෙනෙකුගේ (09) නම් ඉදිරිපත් කර ඇති අතර  'පොහොට්ටු' පක්ෂයට සහයදුන් ඒකාබද්ධ විපක්ෂයේ විශාල පිරිසක් ද අමාත්‍යධුර අපේක්ෂාවෙන් දිගින් දිගටම බලපෑම් කරමින් සිටිති.

කෙසේවුද දුෂණ චෝදනාවලට ලක්වූ හෝ ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු පැවරී ඇති කිසිවකුට අමාත්‍ය ධුර නොදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ 'වියත්මඟ' ප්‍රබලයින් යෝජනා කර තිබීම තත්ත්වය තවදුරටත් සංකීර්ණ කර ඇත.

මේ අනුව මහ මැතිවරණයක් පවත්වන තෙක් අගමැති ධුරයේ කටයුතු කරන ලෙස විපක්ෂනායක මහින්ද රාජපක්ෂ විසින් එජාප නායක රනිල් වික්‍රමසිංහට දැනුම් දී ඇති බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

 

රනිල් - මහින්ද අතර එකඟතාවයක් !

Text 1මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ (18 වැනිදා) පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී රජයේ ඉදිරි පැවැත්ම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර එහිදී බහුතරයක් මන්ත්‍රීවරුන් සඳහන් කර ඇත්තේ ලබන වසරේ මාර්තු වන තුරු රජය පවත්වාගෙන යා යුතු බවයි.

ආණ්ඩුව බාර දුන්නද පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා අවශ්‍ය 2/3 ඡන්දය ලබා දීමට සූදානම් නැති බවද එම පිරිස සදහන් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා ජනාධිපතිවරයාට බලය ලැබෙන්නේ පෙබරවාරි මාසයේදී බවද ඔවුන් පෙන්වා දී ඇත. 

රජය පවත්වාගෙන යාම පිළිබඳව තමන් නව ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයා සමගද සාකච්ඡාවක් පැවැත්වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මෙහිදී ප්‍රකාශ කර තිබේ. එම කණ්ඩායමද රජය භාර ගැනීම පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බව අගමැතිවරයා සඳහන් කර ඇත.

මෙම සාකච්ඡාව පැය එකහමාරක වැනි කාලයක් පැවැති අතර මන්ත්‍රීවරුන් 62ක් එක්ව සිටියහ.

 

ඉල්ලා අස් වූ මැති ඇමතිවරු

Resign ministers

 ආණ්ඩුව බාර ගැනීම සම්බන්ධයෙන් මෙසේ අගමැති රනිල් වික්‍රමසිංහ හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ අතර එකඟතාවයක් ඇතිවෙමින් තිබිය දී පාඨලී චම්පික රණවක ද ඊයේ (18) උදෑසන මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් පාඨලී චම්පික රණවක සිය ඉල්ලා අස්වීම දැනුම් දී තිබේ.

අදාළ ලිපිය මගින් ජනාධිපතිවරණයේ ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් ද එක්කර ඇති ඔහු, ධූර කාලයේ කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කර තිබේ.

මේ අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ද ඊයේ  සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය.

මීට අමතරව මංගල සමරවීර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රුවන් විජයවර්ධන, හරීන් ප්‍රනාන්දු සහ අජිත්.පී පෙරේරා යන මහත්වරුන් ද මේ වනවිට සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් විය.

තමා කිසිඳු අමාත්‍ය ධුරයක් බාර නොගන්නා බව සජිත් ප්‍රේමදාස ද මේවනවිටත් දැනුම් දී ඇත.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්