දැන් අවශ්‍යවන්නේ බලය බෙදීමේ මිත්‍යා විසඳුම පසෙක තබා සැබෑ විසදුම් පිළිබඳ විවෘත මනසකින් සමාජ කථිකාවක් ආරම්භ කිරීම බවත්, නව ජනාධිපතිවරයාට ලැබුණු සුවිශේෂී ජන වරම ඒ සඳහා යොදා ගත යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධානියකු වන වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර අවධාරණය කර සිටියි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පළමුව කළ යුතු කාර්යයක් වන්නේ, 2015 මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවට අදාළව කරුණු දැක්වීම හෙවත් යුද අපරාධ චෝදනා වලට පිළිතුරු බැඳ රණවිරුවන්ගේ ගෞරවය රැකගැනීම බව ද ඔහු කියා සිටියි.
මානව හිමිකම් කොමිසමේ 30/1 යෝජනාවලියෙන් ගැලවෙන ආකාරය පිළිබඳව තර්කානුකූලව යෝජනාවක් ප්‍රසිද්ධියට පත් කිරීමට 'ජාතික බලවේග' දැනටමත් ක්‍රියා කොට ඇතැයි ද වෛද්‍ය බණ්ඩාර පවසයි.
වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර විසින් ”යුද අපරාධ ගැන ජනපති මතය සහ සැබැවින්ම කළ යුතු දේ” යනුවෙන් ලිපියක් යොමු කරමින් ඉහත කාරණා සඳහන් කර තිබේ.
මානව හිමිකම් සමුළුවේ 30/1 යෝජනාව නීති විරෝධියි!
ජනපතිවරණයට පෙර මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්ණයකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විසින් පිළිතුරු ලෙස සඳහන් කරනු ලැබුවේ, 2015 දී විදේශ අමාත්‍ය මංගල සමරවීර විසින් සම අනුග්‍රහය දැක් වූ මානව හිමිකම් සමුළුවේ 30/1 යෝජනාව නීති විරෝධි බවය.
එම ප්‍රකාශය මඟින් මූලික වශයෙන් අවධාරණය කෙරෙන්නේ රණවිරුවන්ට යුධ අපරාධ චෝදනා එල්ල කරන එම යෝජනාවට මංගල සමරවීර විසින් ව්‍යවස්ථා විරෝධීව සහ නීති විරෝධීව සමඅනුග්රහය දැක්වීමේ වරද පිළිබඳව විය හැකි යයි වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර සිය ලිපිය මගින් සැක මතු කරයි.
වෛද්‍ය බණ්ඩාරගේ සම්පුර්ණ ලිපිය මෙතනින්
යුද අපරාධ ගැන ජනපති මතය සහ සැබවින්ම කළ යුතු දේ