අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සමඟ පරීක්ෂණ මෙහෙයවූ සමූහ මංකොල්ල විමර්ෂණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ජීවිතාරක්ෂාව පතා විදෙස් ගතව ඇති බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග වලින් වාර්තාවේ. 


ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ දරු තිදෙනා ද සමඟ අද දහවල් 12.50 ට ස්විට්සර්ලන්තයේ, සුරීච් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇත්තේ ස්විස් අන්තර්ජාතික ගුවන් සේවයට අයත් ඩබ්ලිව්.කේ.- 0065 දරන ගුවන් යානයෙන් බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

කවුද මේ නිශාන්ත ද සිල්වා?

පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා පසුගිය සමයේ ශ්‍රී ලංකාවේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් සිද්ධීන් රාශියක් සම්බන්ධයෙන් පරීක්ෂණ භාරව සිටි නිලධාරියෙකි. ඒ අතර පහත සඳහන් විමර්ශන ඇතුලත්වේ. 

* ලසන්න වික්‍රමතුංග ඝාතනය
* කීත් නොයාර් පැහැර ගැනීම
* උපාලි තෙන්නකෝන් හා නාමල් පෙරේරා යන මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ
* කොළඔ දී තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම


සබැඳි පුවත්:
රහස් ලිපියක් එළියට! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්