මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියකට තර්ජනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන්

පොලීසිය සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියකට තර්ජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස ස්විස්ටර්ලන්ත රජය ශ්‍රී ලංකා බලධාරින්ගෙන් ඉල්ලීමක් කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ස්විස්ටර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් හා සම්පූර්ණ පරික්ෂණයක් පවත්වා වැරදිකරුවන් නීතිය හමුවට පැමිණිවිමට ශ්‍රී ලංකා රජය පියවර ගත යුතු බවයි.

Twite

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සමඟ පරීක්ෂණ මෙහෙයවූ සමූහ මංකොල්ල විමර්ෂණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වාට ජීවිතාරක්ෂාව පතා විදෙස් ගතවීමට සහය ලබාදුන්නේ යයි කියවෙන  මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පසුගිය සදුදා (25) දිනයේ පැහැරගෙන ගොස් ඇති ආරක්ෂක අංශවලට සම්බන්ධ කිසියම් පිරිසක් ඇයට තර්ජනය කරමින් පැය දෙකකට වැඩි කාලයක් ප්‍රශ්න කර පසුව ඇයව නිදහස් කර ඇති බවට මාධ්‍ය වාර්තා පල වී තිබුණි.

අදාල මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ තානාපති කාර්යාලයේ තොරතුරු හෙලිකරන ලෙස නාදුනන පිරිසක් සිය සේවකයාට තර්ජනය කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන දැනුවත් කර ඇති බව ද ස්විස්ටර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මේ අතර මෙරට ස්විස්ටර්ලන්ත තානාපති හෑන්ස්පීටර් මොක් ඊයේ (27) දිනයේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

මේ පිලිබඳ සාකච්ඡා කිරීම සඳහා ස්විස්ටර්ලන්ත තානාපතිවරයා ‌අද දිනයේදී අගමැති මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිත බවටද ‌තොරතුරු අනාවරණය වේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්