සිංහල බෞද්ධ රාජ්‍යය මගින් දෙමළ ජනයාට එරෙහිව නොකඩවා දියත් කෙරෙන මර්දනයට එරෙහිව

``නිදහස් දිනය`` කළු දිනයක් බවට උතුරේ ශිෂ්‍ය සංවිධානයක් විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

දෙමළ ජනයාගේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් පෙනී සිටින සියලු පාර්ශවයන් වෙත යාපන සරසවියේ මහා ශිෂ්‍ය සංගමය ඇරයුම් කර ඇත්තේ පෙබරවාරි 4 වැනිදා උතුරු නැගෙනහිර පළාත් වල පැවැත්වෙන විරෝධතා උද්ඝෝෂණ සඳහා එක් වන ලෙසයි.

යාපන සරසවියට ප්‍රදේශයේ මාධ්‍යවේදීන් ඉකුත් දා කැඳවූ මහා ශිෂ්‍ය සංගම් නියෝජිතයන් කියා සිටියේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබූ දා පටන් දෙමළ ජනයාගේ අයිතීන් දිනෙන් දින කප්පාදු වූ බවයි.

තමන් සතු පාරම්පරික ඉඩම් රජයේ හමුදා මගින් අත්පත් කර ගැනීම නිසා දෙමළ ජනයාට ඒ වෙනුවෙන් විදී බැස සටන් කරන්නට සිදුව තිබෙන අතර අත්පත් කරගත් ඉඩම් වල හමුදා කඳවුරු ඉදි කිරීම හා සිංහල බෞද්ධ ජනයා රැගෙනවිත් පදිංචි කිරීම නොකඩවා සිදුවෙන බව ද යාපන සරසවි සිසු නායකයෝ පෙන්වා දෙති.



යුද්ධය අවසන්ව වසර 14 ක් ගත වුවත්, රජයේ හමුදා බලහත්කාරයෙන් රැගෙන ගොස් අතුරුදහන් කළවුන්ට යුක්තිය මෙතෙක් ඉටු නොකිරීම නිසා ඔවුන්ගේ ඥාතින් තවමත් සටන් කරමින් සිටින බව පෙන්වා දෙන යාපන සරසවි ශිෂ්‍ය සංගමය අවධාරණය කර ඇත්තේ, ත්‍රස්ත පනත අහෝසි කරමින් දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම මෙන්ම දෙමළ ජන සංහාරයට වගකිව යුත්තන් ආරක්ෂා කිරීම මගින් තවදුරටත් දෙමළ ජනයාට එරෙහි මර්දනය පෙන්නුම් කරන බවයි.



"නොයෙකුත් පොරොන්දු දෙන සිංහල- බෞද්ධ රාජ්‍ය දෙමළ ජනයාත්, ජාතයන්තරයත් රවටමින්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනී සිටින දෙමළ ජන ක්‍රියාධරයන් අනීතිකව අත්අඩංගුවට ගනිමින්, බිය වැද්දීම රජයේ ආරක්‍ෂක අංශ වල දෛනික කාර්යයක් බවට පත්ව ඇත."

මෙවැනි පීඩනයක සිටින දෙමළ ජනතාවට සිංහල-බෞද්ධ රාජ්‍යයේ ''නිදහස් දිනය''  කළු දිනයක් ලෙස නම් කරමින්, විරෝධය දක්වා, අද දවසේ දෙමළ ජනයා මුහුණ දෙමින් සිටින යතාර්ථය ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ පෙන්නුම් කළ යුතු යැයි උතුරේ සරසවි නායකයෝ පවසති.

 

 

 

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්