පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සෙසු කුඩා පක්ෂවල නියෝජිතයින් අවතක්සේරු කෙරෙන දේශපාලන තේරීම් වලට නව ජනාධිපතිවරයා තල්ලු කිරීමටත්, ඔහු බලයට පත් කිරීම සඳහා පෙළ ගැසුණු බලවේග ඔහුගෙන් දුරස් කිරීමටත් 'සතුරා' විසින් උත්සහා කරන බවට සැකයක් නැතැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධානියකු වන වෛද්‍ය කේ.එම්.වසන්ත බණ්ඩාර පවසයි.


''යටත් කිරීමට පෙර යටත්වීම සහ බොරු වලවල් කැපීම'' යන ශීර්ෂයෙන් යුතුව වෛද්‍ය කේ.එම්.වසන්ත බණ්ඩාර  විසින් lankaleadnews.comවෙබ් අඩවියට සපයා ඇති වර්තාවක එබව සඳහන්වේ.

ගෝඨාභය රාජපක්ෂගේ ඓතිහාසික ජයග්‍රහණය මහපොළොවේ යථාර්තයක් බවට පත් වීම වැළැක්වීම සඳහා 
ඔහුව බලයට පත් කිරීමට උර දුන් බලවේග අතර නොසතුට රෝපණය කෙරෙන සහ එය වර්ධනය කෙරෙන තත්වයක් නිර්මාණය කිරීම 'සතුරාගේ' උපක්‍රමය වී ඇතැයි එම ලිපිය මගින් පෙන්වාදෙන වෛද්‍ය කේ.එම්.වසන්ත බණ්ඩාර, ජනාධිපතිවරණයේ ආරම්භක ක්‍රියාවලිය තුළ ද පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේද කිරීමට පිටතින් මෙන්ම ඇතුලතින්ද බොහෝ උත්සහායන් දියත් වූ බව රහසක් නොවන බවත්, එම උත්සහායන් සාර්ථක වූවා නම් එම තත්වය මැතිවරණ ප්‍රතිපලය මත බරපතල බලපෑමක් එල්ල කිරීමට ඉඩ තිබු බවත් කියා සිටියි.

ඔහු සිය දීර්ඝ ලිපිය තුල මෙවැනි සටහනක් පළකරන්නේ, ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය සඳහා දායකවූ විමල් විරවංශ, උදය ගම්මන්පිල මෙන්ම දයාසිරි ජයසේකර හා දුමින්ද දිසානායක වෙත පොහොට්ටුවේ ඇතැම් නායකයින්ගෙන් දිගින් දිගටම නොසලකා හැරීම් සිදුවෙමින් පවතින වාතාවරණයක් තුලය. 

ප්‍රසන්න මුට්ටිය දමයි : 'ශ්‍රීලනිපය ගිවිසුම කුනුකුඩේට!

prasanna ranatunga 1 800x490
වෛද්‍ය කේ.එම්.වසන්ත බණ්ඩාර සඳහන් කරන අකාරයේ සිදුවීම් හා ප්‍රකාශ කිහිපයක් පසුගිය දින වල සිදුවූ අතර 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඇති කර ගත් ගිවිසුමේ කුමක් සදහන් වුව ද ඉදිරි මැතිවරණය තරග කළ යුත්තේ පොහොට්ටුව ලකුණින් පමණක් බව සිය පෞද්ගලික වීශ්වාසය යයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග කල ප්‍රකාශය එවැන්නකි. 

කඩවත කැනෝලා උත්සව ශාලාවේ දි පැවැති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු මහර ආසන බල මණ්ඩලයේ දී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව සදහන් කළේ ය.

ජනතාව ඉල්ලන ජයග්‍රාහි ලකුණ පොහොට්ටුව බව අවධාරණය කළ ඇමතිවරයා, ඉදිරි මැතිවරණයෙන් පොහොට්ටුව තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බවද මෙහිදී කියා සිටියේය.

මෙහි දි වැඩිදුරටත් අදහස් දැක් වු රණතුංග අමාත්‍යවරයා මෙසේ ද පැවසිය.

“ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති ලෙස බහුතර ජනතාවගේ කැමැත්තෙන් පත්වුණා. අපි අලුත් ආණ්ඩුවක් පත් කර ගත්තා. නමුත් අපිට බහුතරය නෑ. බහුතරය නැතත් අපි අපේ ආණ්ඩුවට අන්තවාදීන්ගේ සහාය ගන්නේ නෑ. ජාතික ආණ්ඩු ගහලා නැවත මේ රටේ ජනතාව රැවැට්ටුවේ නෑ. අපි වැඩ කරන්නේ මේ රටේ ජනතාව ලබා දුන් ජනවරමට අනුව යි. ඒ ජන වරමට පටහැනි කිසිවක් කරන්න අපි සුදානම් නෑ. ඒ ජන වරම අපි දිවි හිමියෙන් රකිනවා.

ලබන පෙබරවාරි මාසයේ දි අපි අනිවාර්යෙන්ම ආණ්ඩුව විසුරුවනවා. ඉන් පසු පැවැත්වෙන මහා මැතිවරණයේ දි අපි තුනෙන් දෙකක බහුතර ආණ්ඩුවක් හදනවා .

ඒ ආණ්ඩුව අපි හදන්නේ පොහොට්ටුවෙන් . ශ්‍රීලනිපය සමග අප එළඹි ගිවිසුම මොකක් වුණත් අපි ඉදිරියේ එන සියලු මැතිවරණ තරග කළ යුත්තේ පොහොට්ටුව ලකුණින් බව මගේ පෞද්ගලික විශ්වාසයයි. අපි ඒ ගැන අපේ නායකයා සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.


''ජයග්‍රහණයේ තිරය පිටුපස මෙහෙයුම්කරුවා බැසිල්''

අපි ලැබු ජයග්‍රහණයේ තිරය පිටුපස මෙහෙයුම්කරුවා බැසිල් රාජපක්ෂ මහතා යි. 2015 ජනාධිපතිවරණ පරාජයේ දි එහි වගකීම බාරගන්න කිසිවෙකු සිටියේ නෑ. ඒ වගකීම බාරගත්තේ බැසිල් රාජපක්ෂ මහතා යි. ඔහු එදා රටින් පිටව ගියා ම හැමෝම ඔහු ට බැන්නා. නමුත් එතුමා නැවත ලංකාවට ඇවිදින් අපිට කීවේ මම නැවත මහින්ද මහත්තයව රටේ නායකයා කරවන බවයි. පොහොට්ටු පක්ෂය හදමින් ඒ සදහා බැසිල් රාජපක්ෂ මහතා කළ මෙහෙය අපිට කිසිසේත් අමතක කරන්න බෑ.''


'පුටුවෙන් බැහැ ; පොහොට්ටුවෙන්ම පමණයි'' - තවත් බැසිල්වාදියකු කියයි           roshan



ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය ස්ථිරවම තරඟ වදින්නේ පොහොට්ටුව ලකුණෙන් පමණක් බව මහවැලි රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ ද පවසයි.

ජනාධිපතිවරණයේදී ලක්‍ෂ 69ක ජනතාවක් ඡන්දය දුන්නේ පොහොට්ටුවට නිසා ඉදිරි මැතිවරණයද පොහොට්ටුව ලකුණින් තරග වදින බව ඔහු කියා සිටියේ උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

ජනාධිපතිවරණ සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 'පොහොට්ටුවෙන්' ඉදිරිපත් කළ ගෝඨාභය රාජපක්ෂට සහයදීමට එකඟ වුයේ මහ මැතිවරණයේදී ශ්‍රීලනිප- පොහොට්ටු සන්ධානය 'පොහොට්ටුව' සලකුණ වෙනුවට 'පුටුව' ලකුණින් ඉදිරිපත්වීමට එකඟ බවට 'පොහොට්ටු' පක්ෂ නායකයින් දුන් සහතිකය මතය.

බැසිල් රාජපක්ෂ සමග එළඹී එකඟතාවයන්ට අනුව මහ මැතිවරණය සඳහා පක්ෂ දෙකම පුටුව ලකුණින් තරඟ කරන බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මිට ඉහතදී ප්‍රකාශකර තිබිණ.

සබැඳි පුවත් :
බැසිල්ගෙන් විමල්ට කැපිල්ලක් ! - මුල්ම නොරිස්සුම වාසුගෙන්!!

පුටුවට පයින් ගසයි: මහ මැතිවරණයත් පොහොට්ටුවෙන්! -ශ්‍රීලනිපය අනාතයි!!


ශ්‍රීලනිපයට කුඩම්මාගේ සැලකිලි: දුමින්දට හා දයාසිරිට අමාත්‍යංශ කාර්යාලයක්වත් නැහැ!

ශ්‍රීලනිපය කනස්සල්ලෙන්: දුමින්දගේ හා දයාසිරිගේ නම් කැපුන හේතුව?

ශ්‍රීලනිපයට සැලකිලි 2018 පුංචි ඡන්දයේ ප්‍රතිපල මත පමණයි !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්