දිවයිනේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර පාසලක් වන ‘ලයිසියම්‘ හි සිසුන්ගේ දෙමාපියන් එක්වී පසුගිය දා විරෝධතාවයක් පවත්වා තිබේ.



විෂය නිර්දේශයට අදාළ එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විභාග සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුකාරී තත්වය මත එම විරෝධතාවය සංවිධානය කර තිබිණ.

නුගේගොඩ සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සිසුන්ගේ දෙමාපියන් මෙලෙස විරෝධතාවයේ නිරතවී ඇති අතර, එම පාසලේ ද්වීතියික හා තෘතීයික අධ්‍යාපනය ලබන සිසුන්ට කේම්බ්‍රිජ් විෂය නිර්දේශ අනුව උගන්වන අතර අනතුරුව කේම්බ්‍රිජ් සා/පෙළ සහ උ/පෙළ විභාග සඳහා සිසුන්ව යොමු කරන නමුත් මෙම වසරේ සිට පාසල හරහා එම විභාග සඳහා ලියාපදිංචිය සිදු නොකරන බවට ඔවුන් චෝදනා කර තිබේ.

සිසුන්ට තනිව පෞද්ගලික අයදුම්කරුවන් ලෙස විභාග වලට පෙනී සිටින්නට දන්වා ඇති බවත්, මේ පිළිබදව පාසල් බලධාරීන් සමග කළ සාකච්ඡාව ද අසාර්ථකවී ඇති බවත් ඔවුන් පවසා තිබේ.


(lankaleadnews.com)

 

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්