ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සුබපතමින් පාර හරහා ඉදිකර තිබූ විශාල තොරණක් ජනාධිපතිවරයාගේ නියෝගයක් මත ඊයේ (දෙසැම්බර් 02) ඉවත් කර තිබේ.

කටුනායක ගුවන්තොටුපල පිවිසුම් මාර්ගය ඉදිකරන ලද මෙම තොරණට ජනාධිපති ගෝඨාභයගේ ජයාරූප යොදා අලුතින් ස්ටිකර් කර තිබුනේ ජනාධිවරණයෙන් ජය ගැනීම ගැන සුබ පතමිනි.

ඉන්දියාවේ සංචාරයකින් පසු ජනාධිපතිවරයා ආපසු කටුනායකින් ශ්‍රී ලංකාවට පැමිණ කොළඹ බලා එද්දී මෙම තොරණ දැක එය වහා ඉවත් කරන ලෙස නියෝග කර ඇත.

මෙම තොරණ ඉදිකරනු ලැබුවේ 2008 වර්ෂයේදී  බවත් එය ඉතා දුර්වර්ණවී තිබූ බවත් වාර්තාවේ. 

Gota Katawut 2019.12.03

'ගෝඨාස් සුට්' 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනස් රාජපක්ෂ කෙනෙකු බව ජනතාව හමුවේ අවධාරණය කරලීම සඳහා ඔහුගේ උපදේශකයින් මේවනවිට බලවත් අවධානයක් යොමුකර ඇතිබව පෙනේ.

රාජපක්ෂවරුන්ගේ සම්ප්‍රදායික 'සාටක සුට්' එක වෙනුවට ජනාධිපති ගෝඨාභය වෙනුවෙන් හඳුන්වාදුන් සරල කමිසය මේවනවිට ඉන්දියාවේ මාධ්‍ය ඔස්සේ පවා ජනප්‍රිය වී ඇත්තේ 'ගෝඨාස් සුට්' ලෙසය. 

ජනාධිපති ගෝඨාභය එයාලවගේ නොවන බවට ජනමතයක් ඇතිකරලීමට පසුගිය දිනකිහිපයේ ක්‍රියාත්මක වූ මාධ්‍ය මෙහෙයුම් කිහිපයක් සමාජ මාධ්‍යය වල වාර්තා වී තිබුනේ මෙසේය.

මෙන්න වැඩ !

1. ගාලු පාර නොවසා ජනාධිපති ලේකම් කාර්‍යාලයේ වැඩ බාර ගැනීම
2. සාටකය නොදැමීම සහ කපටි ඇඳුම නොඇඳ සිටීම.
3. ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය විශාල ප්‍රමාණයකින් අඩු කිරීම 
4. සිය ආරක්ෂාවට යොදා සිටින පිරිස දහස් ගණනකින් අඩු කිරීම.
5. රාජකාරි කටයුතු සඳහා වාහන තුනක් පමණක් තබා ගැනීම.
6. ට්‍රැෆික් එකේ නවතාගෙන සිටීම.
7. රටපුරා තමන්ගේ දැවැන්ත කටවුට් ප්‍රදර්ශනය තහනම් කිරීම 
8. කාර්යාලවල දේශපාලකයින්ගේ ජයාරූප තහනම් කර රාජ්‍ය ලාංඡනය පමණක් යොදා ගැනීමට නියෝග කිරීම.
9. රාජ්‍ය ආයතනවල ඉහල තනතුරු සඳහා සුදුස්සන් තෝරාගැනීමට දැන්වීම් පළකිරීම 
10. මාර්ග නීති කඩකල ජනාධිපති බිරිඳගේ රියදුරාට දඩ ගෙවා යළි බලපත්‍රය ගන්නැයි දැනුම්දීම.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්