මීළඟ ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරග කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර පවසයි.



ඔහු මේ බව කියා සිටියේ, හිරු ටී.වී ඔස්සේ ඊයේ (30) රාත්‍රියේ විකාශය වූ සලකුණ දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමිනි.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන පරිදි මේ වසරේ නොවැම්බර් අගදී හෝ දෙසැම්බර් මාසයේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා තීන්දුකර ඇත. එතෙක් කිසිඳු මැතිවරණයක් නොපැවැත්වීමට ජනාධිපතිවරයා දැඩි තීන්දුවක් ගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.

JW

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්