පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කිරීමට,

රනිල් වික්‍රමසිංහ කැමැත්ත පළ කිරීමත් සමග පක්ෂ නායකත්වයද ඔහුට ලබා ගැනීම සදහා, සජිත් පිල අඛණ්ඩව අරගලයක නිරතව සිටින බව 'රාවය' පුවත්පත වාර්තා කරයි.

බ්‍රහස්පතින්දා (දෙසැම්බර්05) සිරිකොතහිදී පැවති එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදි, සජිත් ප්‍රේමදාසව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයට නම් කිරීමේ යෝජනාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අතර ඊට සියලූ මන්ත්‍රීවරුන්ගේ එකගතාව හිමිවිය.

පක්ෂයේ නායකත්වය ගැන ගැටලූව විසදා ගැනීම සදහා දෙසැම්බර් 9 හා 25 අතර කාලය තුළ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡුාවක් ආරම්භ කරන ලෙසද වික්‍රමසිංහ එහිදී උපදෙස් දුන් බව ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පැවසීය. ප්‍රේමදාස එජාප නායකත්වයට ගෙන ඒමට තම කණ්ඩායම දිගටම කටයුතු කරන බවත් ඔහු කීය.

 

කරුගේ ප්‍රධානත්වයෙන් නායකත්ව මණ්ඩලයක් !

 මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදි සජිත් පාර්ශ්වය යෝජනා කර ඇත්තේ පක්ෂ නායකයා තීරණය කිරීම සදහා ඉදිරි සති දෙක තුළ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන ලෙසත්, දෙසැම්බර් මාසය ඇතුළත පක්ෂ සම්මේලනයක් කැදවන ලෙසත්ය.

ජනාධිපතිවරණයේ අපේක්ෂකයා පක්ෂ නායකයා විය යුතු බවට වන සිය කණ්ඩායමේ ස්ථාවරය වෙනස් වී නොමැති බව රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

එහෙත් රනිල් පාර්ශ්වයේ මන්ත්‍රීවරයකු පැවසුවේ මහ මැතිවරණය මෙහෙයවීම සදහා කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් නායකත්ව මණ්ඩලයක් පත කර ඡන්දය අවසන් වූ පසු පක්ෂ සම්මේලනයක් කැඳවා නායකත්වය තේරීමේ යෝජනාවක්ද ඉදිරිපත්ව ඇති බවය.

එහෙත් එවැනි යෝජනාවකට තම කණ්ඩායම විරුද්ධ බව මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්