රටට අලුත් ව්‍යවස්ථාවක් ගෙනඒම සඳහා ඉදිරි මහ මැතිවරණයේදී තුනෙන් දෙකක පැහැදිලි ජනවරමක් අපේක්ෂාකරන බව පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

අද (07) පැවති මාධ්‍ය හමුවකදී ඔහු එබව කියා සිටියේය.

තවදුරටත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී උදය ගම්මන්පිල මෙසේද පැවසිය.

තවත් පැලැස්තර අලවනවාට වඩා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී නැවුම් ව්‍යවස්ථාවක් ගෙන ඒමට අප ජනවරම ඉල්ලනවා. මොකද ජයවර්ධන මැතිතුමාගේ බහුබූත ව්‍යවස්ථාව පැවතුණා හොඳටෝම ඇති.  රටට ගැළපෙන රට ස්ථාවර කරන  රටේ ජනතාවගේ අභිලාෂයන්  පිළිබිඹු වන වන ව්‍යවස්ථාවක් දැන් අපට අවශ්‍යයි. ඒ සඳහා ජනවරමක් අප ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ඉල්ලනවා.    

ජන වරමක් ලැබුණොත් තමයි අපට නව ව්‍යවස්ථාවක් ගෙන ඒම හෝ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම සිදු කරන්නට පුළුවන් වෙන්නේ. 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙරට ඇතිකර තිබෙන ව්‍යාකූලත්වය මේ රටේ ජනතාවට තේරෙන නිසා අපට ජනවරම ලබා දේවි යැයි අප බලාපොරොත්තු වෙනවා. ''

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්