පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා රුපියල් බිලියන 9ක මුදලක් ලබා දීමට නොහැකි බව පවසන ආණ්ඩුව ඉකුත් 15වනදා රුපියල් බිලියන 113.5ක (රුපියල් කෝටි එකොළොස් දහස් තුන්සිය පනහක) මුදල්

නෝට්ටු මුද්‍රණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උයද ගම්මන්පිල පවසයි.

නිදහස් ජනතා සංධානය කොළඹදී ඊයේ (20)  පැවැත් වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේබව කියා සිටියේය.

මහ බැංකුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව රුපියල් බිලියන 113.5කට භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන ඇති බව ඔහු පවසයි.

එසේ, රජයට දිනකට රුපියල් බිලියන 113.5ක මුදල් මුද්‍රණය කළ හැකි නම්, මැතිවරණ පැවැත්වීම සඳහා රුපියල් බිලියන 9ක මුදල් මුද්‍රණය කළ නොහැකි යැයි ආණ්ඩුව පවසන්නේ කෙසේද යන්න පිළිබඳව උදය ගම්මන්පිල වැඩිදුරටත් විමසා සිටියේය.

  JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්