හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ විසූ “කේසර“නමැති සිංහයා මියගොස් ඇත්තේ නිව්මෝනියාව සෑදීමෙන් පසු එය හෘද වස්තුවට බලපෑම නිසා බව පශු වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.



කෙසේ නමුත්, මරණය සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කිරීම සඳහා සිංහයාගේ පටක පේරාදෙණිය සත්ව රෝහලට යොමුකර ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත පැවසී ය.

කේසර නමැති සිංහයා මියයන විට අවුරුදු හතර හමාරක වයසේ පසුවිය.

කේසර ඉපදෙන විට දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවීම නිසා සෆාරි උද්‍යානයයේ සේවකයන් කේසරට බෝතල්වලින් කිරිපොවා උස් මහත් කළහ.පසු කාලීනව කේසර නීරෝගී සෞඛ්‍ය තත්වයෙන් පසුවූවේ ය.

රිදියගම සෆාරි උද්‍යානයයේ කේසර ද සමග සිංහයන් විසි දෙනකු සිටින අතර ඉන් බහුතරය පැටවුන් ය.


(aruna.lk)


JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය