වත්මන් ශ්‍රී ලංකා දේශපාලනය තුල මේවනවිට ජාතික නායකයකු ලෙස මතුවෙමින් සිටින්නේ,

එක්සත් ජාතික පෙරමුණේ නායකයකු වන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක බව 'COLOMBO TELEGRAPH' කර්තෘ උවිඳු කුරුකුලසූරිය පවසයි.

ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියකු හා ප්‍රවීන දේශපාලන විචාරකයකු වන උවිඳු කුරුකුලසූරිය සිය FB පිටුවේ සටහනක් තබමින් එබව සටහන් කර ඇත්තේ මෙසේය.

''පේන විදියට චම්පික තමා ජාතික නායකයෙක් විදියට මතුවෙන්නෙ. ඒකයි කේස්. තමන් රටේ නායකය වෙනව කියල හිතන් දේශපාලනය කරපු අයගෙන් ඉතුරුවෙලා ඉන්න එකම පොර.''

 දේශපාලන පළිගැනීම් !

ජනාධිපතිවරණ පරාජයෙන් පසු එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා මෙන්ම එම පෙරමුණේ සියලු ජනප්‍රිය නායකයින් ජනතාවගෙන් පලාගොස් 'සැඟවී' සිටියදී, වත්මන් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව කිසියම් හෝ සටනක් දීමට ඉදිරිපත්ව ඇත්තේ ජාතික හෙළ උරුමයේ මහ ලේකම්වන චම්පික රණවක බැවින් ඔහුට එරෙහිව ආණ්ඩුවෙන් දැඩි ප්‍රහාරයක් එල්ලවෙමින් තිබෙන බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි.

2016 වසරේදී රාජගිරියේදී තරුණයෙකු රිය අනතුරකට ලක් කළ බව කියන සිද්ධියකට අදාළව පාඨලී චම්පික රණවකට එරෙහි විමර්ශනයක් හා අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ වී ඇත්තේ ද ඒ අනුව බව එම දේශපාලන විචාරකයින්ගේ මතයයි.

 ''ආණ්ඩුවට අභියෝගයක් වියහැකි දේශපාලන නායකයින් දඩයම් කිරීම අරඹලා''

Screen Shot 2019 12 15 at 7.13.24 PM                                              ''දේශපාලන පළිගැනීම්වලට කිසිම ආකාරයකට බිය වෙන්නෙ, පැකිලෙන්නෙ නෑ'' -චම්පික

 කෙසේවුවද ඊයේ (14) දිනයේ මාධ්‍ය හමුවක් කැඳවා විපක්ෂයට එරෙහි ආණ්ඩුවේ ක්‍රියාමාර්ග අනාවරණය කරමින් ප්‍රතිචාර දැක්වූ චම්පික රණවක හිටපු ඇමතිවරයා, වත්මන් ආණ්ඩුව ලබාගත් ජනවරම පසෙකලා මර්ධනය දොරකොඩට ගෙන එන බැරැක්ක රටක් නිර්මාණය කරමින් සිටිනා බව කියා සිටියේය.

පාස්කු ඉරිදා ප්‍රහාරකයින්ට, මහ බැංකු බැඳුම්කර වංචාකරුවන්ට අනිවාර්යෙන්ම දඬුවම් පමුණුවන බවට ජනතාව පොරොන්දු ලබාදෙමින්, දේශපාලනමය වශයෙන් මාධ්‍ය හරහා කූට නාටක රඟ දක්වා බලය ලබාගත් වත්මන් ආණ්ඩුව, ලබාගත් ජනවරම ගැන තැකීමක් නොකොට නඩු කටයුතු අවසන් කර ඇති සිදූවීම් පවා නැවත තම වාසියට හරවා ගනිමින් දේශපාලන පලිගැනීම් සඳහා කටයුතු කරමින් සිටින බව ඔහු එම මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ, මීට වසර හතරකට පමණ ඉහතදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ඔහුගේ සහ රියදුරු මහතාගේ විදේශ ගමන් බලපත්‍ර අත්හිටුවීමට දෙසැම්බර් 13 දින අධිකරණය අවසරදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කරමිනි.

එම මාධ්‍ය හමුවේදී රාජගිරියේදී තරුණයෙකු රිය අනතුරකට ලක් කළ බව කියන සිද්ධියකට අදාළව කරුණු එකින් එක පැහැදිලි කළ චම්පික රණවක මන්ත්‍රීවරයා, යලිත් වරක් මෙවැනි අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භකර ඇත්තේ දේශපාලන පලිගැනීමක් ලෙස බව අවධාරණය කළේය.

මර්ධනය දොරකොඩටම ඇවිත්!

Text 007මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මන්ත්‍රීවරයා මෙසේද පැවසිය. 

''අද වෙනකොට වැඩකරන ජනතාවට අතිකාල දීමනා ගෙවාගන්න බැරි තත්ත්වයට, ජීවන වියදම අහස උසට ගොස් තිබෙන, මර්ධනය දොරකොඩටම ගමන් කරමින් තිබෙන බැරැක්ක රටක් බවට මේ රට පරිවර්ථනය වෙමින් තිබෙන අවස්ථාවක ඊට එරෙහිව නැගී සිටින්නට තිබෙන බලවේග මර්ධනය කිරීමට, බිය කිරීමට උත්සහ කරනවනම් ඒක මුලාවක්.
 
අපි බොහොම පැහැදිළිව කියනව, මේ දේශපාලන පළිගැනීම්වලට කිසිම ආකාරයකට බිය වෙන්නෙ, පැකිලෙන්නෙ නෑ. ඒ වගේම අධිකරණය තුළ තියෙන ප්‍රශ්න සඳහා අපි අධිකරණයේදී මුහුණ දෙනවා. දේශපාලන ප්‍රශ්න සඳහා අපි දේශපාලනමය වශයෙන් මුහුණ දෙනවා. සමාජමය වශයෙන් අපි ඊට මුහුණ දෙනවා. මේ සිදුවීම්වලින් අපි වඩාත් නිර්භය වෙලා, වඩාත් එඩිතර වෙලා, සමඟිසම්පන්න වෙලා අපි ඉදිරියේදී කටයුතු කරනවා. ඒ මේ රටේ පොදු ජනතාවගේ නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදයත් වෙනුවෙන් පෙනි ඉන්නවා''

වීඩියෝ

සබැඳි පුවත් :

චම්පිකට එරෙහිව මෙහෙයුම් ඇරඹේ : 2016 රිය අනතුරු නඩුව නැවත කරළියට (VIDEO)

''මේක සජිත්ගේ පරාජයක් නෙමෙයි. රනිල්-මෛත්‍රී දෙදෙනාව ප්‍රතික්ෂේප කිරීමක්'' -පාඨලී චම්පික රණවක

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්