කොළඹ දී පැහැරගන්නා ලදුව තර්ජනයකට ලක් කරන ලදැයි පැවසුනු ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය අසත්‍ය තොරතුරු ඉදිරිපත්කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීම ගැන ස්විට්සර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. 

අදාළ සේවිකාව සම්බන්ධයෙන් අනුගමනය කර තිබෙන ක්‍රියාවලියේ අඩුලුහුඬුකම් ගැන සිය විවේචනය ඉදිරිපත් කරන බව එම දෙපාර්තමේන්තුව කියා සිටී.

රජය අපහසුතාවට පත්කිරීමේ අරමුණින් අසත්‍ය තොරතුරු ඉදිරිපත්කිරීමේ චෝදනාව මත ගානියා බැනිස්ටර් නමැති අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර එහිදී, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කළේ, අදාළ කාන්තාව දෙසැම්බර් 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.

''ශ්‍රී ලංකාවේ කීර්තිනාමය අවදානමක'' 

මේ සම්බන්ධයන් සිදුවන ඉදිරි ක්‍රියාමාර්ගවලදී තම සේවිකාවගේ පුද්ගලික අයිතිවාසිකම් ආරක්ෂාවීම තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ දේශීය නීතියට හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගතව සිදුකරන ලෙස ස්ස්විට්සර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ අධිකරණ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. 
suwis news text

අදාළ සේවිකාවගේ සේවා යෝජක වශයෙන් ස්විට්සර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව සහ කොළඹ තානාපති කාර්යාලය ඇය පිළිබඳව ඇති වගකීම වෙනුවෙන් කළ හැකි සියල්ල තවදුරටත් ඉටුකරමින් ඇයට සහය දෙන බව එම නිවේදනයේ සඳහන් කර තිබේ. 

අයහපත් සෞඛ්‍ය තත්වය මැදවුවද සිය සේවිකාව දින 3ක් පුරා පැය 30ක කාලයක් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් මෙන්ම විමර්ශන අවසන් වීමට පෙර, ඇයගේ ප්‍රකාශ ගැන ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ප්‍රශ්න කරමින් නිකුත් කළ ප්‍රසිද්ධ නිවේදනය ස්විට්සර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව විවේචනයට ලක් කොට ඇති බවද එහි සඳහන් වේ.

නීතියේ ආධිපත්‍ය සුරකින රටක් ලෙස ශ්‍රී ලංකාවේ කිර්තිය දැඩි අවධානයට ලක්වූ මෙම නඩු කටයුත්ත මත රඳා පවතින බවද ඉන් පෙන්වා දෙයි. 

 110196518 78i0118                                                              ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ස්විට්සර්ලන්ත තානාපති හාන්ස්පීටර් මොක්

කොළඹ සිටින ස්විස් තානාපතිවරයා සඳුදා (දෙසැම්බර් 16) ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග මුහුණට මුහුණ පැවති සාකච්ඡාවේදී මෙම ආරක්‍ෂිත සිදුවීම විසඳාගැනීම සඳහා පොදු සහ සාධනීය ඉදිරි වැඩපිළිවෙලක් බලාපොරොත්තු වන බව යළි අවධාරණය කළ බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ස්විට්සර්ලන්ත තානාපති හාන්ස්පීටර් මොක් අතර හමුව සිදුව තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. 

මේ හමුවේදී, ජනාධිපතිවරයාගේ පත්වීම ගැන සුභ පැතුම් පළ කළ තානාපතිවරයා, සිය තානාපති කාර්යාලයේ සේවයේ නියුතු දේශීය නිලධාරිනියක සම්බන්ධයෙන් හටගත් සිදුවීමේදී ශ්‍රී ලංකාවට හානියක් කිරීමේ කිසිදු අපේක්ෂාවක් ස්විට්සර්ලන්තයට නොවූ බව සඳහන් කළේ යැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

"දෙරටේම යහපත වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට අප අපේක්ෂා කරනවා. පවතින උණුසුම් තත්ත්වය ජයගැනීමට වගේම කිසියම් අනවබෝධයක් පවතීනම් එය ඉවත්කරගැනීමටත් අවශ්‍යයි" යැයි තානාපතිවරයා සඳහන් කළ බව අදාළ නිවේදනයේ දැක්වේ.

ජනාධිපතිගේ ප්‍රතිචාරය 

මීට ප්‍රතිචාර ලෙස, ක්‍රියාත්මක වන විමර්ශනවල ප්‍රගතිය තානාපතිවරයාට පැහැදිලි කළ ජනාධිපතිවරයා, මේ සිදුවීමට අදාළව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය මුලින් දැක්වූ ප්‍රතිචාරයේ කිසිදු වැරද්දක් තමන් නොදකින බව ජනාධිපතිවරයා පවසා ඇත. 

සිය කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ගැටලුවකට මුහුණ පෑ විට තානාපති කාර්යාලයට ඊට මැදිහත්වීමට සිදුවන අතර එය සාධාරණීකරණ කළ හැකි දෙයක් ලෙස ජනාධිපති රාජපක්ෂ සඳහන් කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඊයේ (දෙසැම්බර් 16) මෙම කාන්තාව අධිකරණයට ඉදිරිපත් කරමින් රජයේ නීතිවේදියා සඳහන් කළේ මෙම කතාව අදාළ කාන්තාවගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් ද එසේ නොමැති නම් ඒ පසුපස කිසියම් පුද්ගලයෙකු සිටිනවාද යන්න අනාවරණය කර ගැනීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන බවය.

මෙම සිද්ධිය තුළින් රටට විශාල අපකීර්තියක් සිදුවූ බව පෙන්වාදුන් රජයේ නීතිඥවරයා එම සැකකාරියට ඇප ලබා දුනහොත් ඇය රටින් පලා යාමට ඉඩකඩ පවතින හෙයින්  විමර්ශන කටයුතු ද අවසන් නොමැති හෙයින් එම සැකකාරියට ඇප ලබා දීම සම්බන්ධයෙන් විරුද්ධ වන සඳහන් කර තිබිණි.

අදාළ කාන්තාව ජාතික මානසික වෛද්‍ය විද්‍යා ආයතනය වෙත :

මෙහිදී අදාළ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම සඳහන් කර සිටියේ සැකකාරියට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාව අධිකරණයට ඇප ලබාදිය හැකි වරදක් බැවින් ඇය ඇප මත මුදා හරින ලෙසය.

එහෙත් සැකකාරිය විමර්ශනවලට නිසි පරිදි සහාය දීමක්ද කර නොමැති හෙයින් ඇප මත මුදා හරිනු ලැබූවොත් විමර්ශන වලට බාධා සිදුවිය හැකි බැවින් ඇය ලබන තිස් වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට  මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

මෙම නඩුවේ විමර්ශන කටයුතු අවසන් වන තෙක් අදාළ කාන්තාව විදේශගතවීම වළක්වාලමින් පනවා තිබෙන විදේශ ගමන් තහනම ද  දීර්ඝ කිරීමට මහේස්ත්‍රාත්වරිය කටයුතු කොට තිබිණි. 

ලබන 19 වනදා අදාළ කාන්තාව ජාතික මානසික වෛද්‍ය විද්‍යා ආයතනය වෙත පරීක්ෂණය සඳහා යොමු කරන ලෙස ද  මහේස්ත්‍රාත්වරිය විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියම කරනු ලැබිණි.

(බීබීසී සිංහල සේවය)

සබැඳි පුවත් :

ස්විස් තානාපති නිලධාරිනිය වැලිකඩ 'Y' වාට්ටුවට : ඇයගේ නීතිඥයින් උසාවියේදී කියපු කතා මෙන්න 

ස්විට්සර්ලන්ත තානාපති හා ජනපති අතර හමුවක්: තානාපති නිලධාරිනිය රිමාන්ඩ් භාරයට

ස්විට්සර්ලන්ත තානාපති නිලධාරිනිය ගැන කළ ඉල්ලීම ඉවතට

ස්විට්සර්ලන්ත නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ට තර්ජන !

ස්විස් තානාපති නිලධාරිනියගෙන් පැය නවයක ප්‍රකාශයක්

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට රටයාමේ තහනමක්!

ස්විස් තානාපති නිලධාරිනිය "රඳවාගෙන තර්ජනය කිරීම" - ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර විරෝධයක්!

බරපතල කාරණයක්!- ස්විස් තානාපති නිලධාරිනියක පැහැරගැනීම ගැන විමර්ශන!

ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය රාජ්‍යතාන්ත්‍රික මත ගැටුමක!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්