වෙළඳපලේ පවතින සහල් මිල සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසත්, සහල් වැඩි මිලට අලෙවි කෙරෙන වෙළඳසැල් වැටලීමට ද කටයුතු කරන ලෙසත්

වැඩබලන පොලිස්පති සී ඞී වික්‍රමරත්න, පොලීසියේ සියලූ උසස් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇතැයි 'නෙත් නිව්ස්' වාර්තා කරයි.

මෙවැනි පියවරක් ගෙන ඇත්තේ, ඇතැම් සහල් වෙළඳුන් අධික මිල ගණන්වලට සහල් අලෙවි කරන බවට තොරතුරු වාර්තා වී ඇති හෙයිනි.

ඒ අනුව එලෙස නීතිවිරෝධීව සහල් තොග සගවා වැඩිමිලට අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන ඒ පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරිය දැනුවත් කිරීමට ද පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව VPN මගින් එම තොරතුරු බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත දැනුම්දෙන ලෙස ද දන්වා තිබේ.

මේ අතර සහල් තොග සඟවාගෙන සිටින සහල් මෝල් පරික්ෂා කිරීමට ද විශේෂ පොලිස් කණ්ඩායම් යෙදවීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.

 

''වී අස්වනු ලැබීමට අවම වශයෙන් තවත් මාස දෙකක්''

මේ අතර සහල් මිල වැඩිවීම සම්බන්ධයෙන් මෙරට ප්‍රමුඛ පෙළේ සහල් ව්‍යාපාරිකයෙකු වන ඩඞ්ලි සිරිසේන මාධ්‍ය හමුවක් කැඳවමින් ඊයේ අදහස් පළ කළ අතර එහිදී ඔහු කියා සිටියේ, වෙළෙඳපොළට සහල් අස්වනු ලැබීමට අවම වශයෙන් තව මාස දෙකක් ගත වනු ඇති බවයි.

මෙයට හේතුව පසුගිය රජය කලට වේලාවට ගොවි ජනතාවට කුඹුරු කිරීම සඳහා ජලය නිකුත් නොකිරීම බව ද ඔහු පැවසිය.

කෙසේ වුවද සම්බා කිලෝවක් රු. 99කට සහ නාඩු කිලෝවක් රු. 98කට වඩා වැඩි මිලකට සහල් මිල දී නොගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර සම්බා සහ නාඩු සහල් කිලෝ ග්‍රෑම්  01 ක් සඳහා රුපියල් 98 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් ඊයේ (19) රාත්‍රීයේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ද නියමිතව තිබිණ.

සබැඳි පුවත් :

සහල් මිල: ''නව ගැසට්පතක් නෑ- තවම වලංගුවන්නේ මැයි 31 ගැසට්පතයි''

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්