මහාපරිමාණ වී මෝල් හිමියන් කිහිප ‌දෙනකු විසින් කාලයක් පුරා පවත්වාගෙන යන සහල් මාෆියාව බිද ‌හෙලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීන්දු කර ඇතැයි වාර්තා ‌වේ.

සහල් මිල විශාල වශයෙන් ඉහළ ‌ගොස් තිබියදී ආණ්ඩුව පාලන මිලක් පැනවූවද එම මිලට සහල් ලබා දීමට මහාපරිමාණ සහල් ‌මෝල් හිමියන් කටයුතු ‌නොකිරීම ‌මෙම තීරණයට ‌හේතු වී තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයාගේ නියෝගයක් මත කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ සහල් ‌මෝල් හිමියන්ට වී ලබා දීම සඳහා රජය කෝටා ක්‍රමයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇත.

ලබන කන්නයේ සිට ‌මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන අතර ඒ හරහා මහාපරිමාණ හාල් ‌මෝල් හිමියන් කිහිප ‌දෙනකුට පමණක් ‌නොව කුඩා හා මධ්‍ය පරිමාණ සහල් ‌මෝල් හිමියන්ටද අනිවාර්යයෙන්ම වී ගබඩා කර තබා ගැනීමට අවස්ථාව ලබා දීමට නියමිතය.

ලංකාවේ සහල් මිල පාලනය කරන විශාලතම ‌මෝල් හිමියන් තිදෙනා වන්නේ හිටපු ජනපති ‌‌මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ඩඩ්ලි සිරිසේන මහතාගේ අරලිය සහල් සමාගමත්, සිරිපාල ගම්ලත් මහතාගේ නිපුණ සහල් සමාගමත්, මිත්‍රපාල මහතාගේ නිව් රත්න සමාගමත්ය.

 

මහා පරිමාණ වී මෝල් හිමියන්ට හිසරදයක් වූ “ශක්ති“ සහල්

මෙරට මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් පවත්වාගෙන යන සහල් වෙළඳපොළේ ඒකාධිකාරයට එරෙහිව යහපාලන රජය පටන්ගත් “ශක්ති“ සහල් වැඩසටහන කිසිදු වග විභාගයකින් තොරව වර්තමාන ආණ්ඩුව විසින් දේශපාලන වුවමනාවන් වෙනුවෙන් නවතා දැමීම මෙසේ සහල් මිළ ඉහළයාමට හේතුවී ඇතැයි හිටපු ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

(මුලාශ්‍රය :mawratanews.lk)

සබැඳි පුවත් :
සහල් මිල වැඩිවීමට ප්‍රධාන හේතුවක් මෙන්න !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්