සහල් හිඟයක් නිර්මාණය කර ඇත්තේ සහල් මාෆියාවේ දෙදෙනෙකු විසින් බවත්, ජනාධිපතිවරයාට අවශ්‍යනම් එක පෑන් පාරෙන් එම ප්‍රශ්නය විසඳිය හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පවසයි.


ඊයේ (23) මාතරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු ඒ බව ප්‍රකාශ කර සිටියේය. එහිදි තවදුරටත් අදහස් පළකල සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා මෙසේද පැවසිය. 

‘‘මේ වෙනකොට වෙළඳපොළේ හාල් හිඟයක් නිර්මාණය වෙමින් පවතිනවා. එසේම හාල් වැඩි මිලට අලෙවි කිරිම නිසා සිල්ලර වෙළඳුන්ට දඩ ගහලා උසාවි ගෙනියන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. 

හැබැයි අපි හිතන්නේ සිල්ලර වෙළදුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. සිල්ලර වෙළදුන්ට විකුණන්න වෙලා තියෙන්නේ තොග වෙළදුන්ගෙන් ලැබෙන මිලට. තොග වෙළදුන්ට වෙලා තියෙන්නේ හාල් මෝල් හිමියන්ගෙන් සැපයුම් කරන මිලට අලෙවි කරන්න. 

මෙතනදි අල්ලන්න ඕන සිල්ලර වෙළදුන් නෙමෙයි මේ මාෆියාව නිර්මාණය කළ මුදුනේ ඉන්න අය. එතන වැඩි පිරිසක් නැහැ. නඩු දානවනම් දෙන්නටයි නඩු දාන්න ඕන. ජනාධිපතිතුමාට ඒ දෙන්න කවුද කියලා හොයා ගන්න ඕන නම් කඩේකට ගිහින් හාල් උර දෙකක් අරන් බලන්න පුළුවන්.

එතකොට පෙනේවි ඒ දෙන්නගේ නම් දෙක. එහෙනම් ලංකාවේ හාල් මාෆියාවේ දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නටයි දඩුවම් දෙන්න ඕන. ඇත්තටම අද හාල් හිඟයක් නැහැ . මොකද පොළොන්නරුවට ගිහින් බැලුවනම් පෙනේවි ගබඩා කරලා තියෙනවා. ඒ හාල් වෙළඳපොළට නිකුත් කරන්න ඕන. 

ගබඩා පහසුකම් තියෙන්නෙ දේශපාලන බලය තියෙන දෙදෙනෙකුට පමණයි. අන්න ඒ දෙන්නට දඩ ගැහුවනම් හරි සාමාන්‍ය සිල්ලර වෙළදුන්ට දඩ ගහන්නෙ නැතුව. ජනාධිපතිතුමාට අවංක උවමනාවක් තියෙනම් එක පෑන් පාරෙන් පුළුවන් මේ හාල් මාෆියාව විසඳන්න.


පිටරටින් හාල් ගෙන්වීමේ කුමන්ත්‍රණයක් !

ඊළගට මෙතන තියෙන අනෙක් ගැටලුව තමයි හාල් හිඟයක් තියෙනවා කියලා පිටරටින් හාල් ගෙන්වන්න හදනවා. හාල් පිටරටින් ගේනකොට අපේ ගොයම් කපලා වී ටික වෙළඳපොළට එන කාලේම තමයි හාල් වරායට එන්නේ. වී  ටික විකුණ ගන්න බැරිව ගොවියා ආයේ පාරේ අනාථ වෙනවා. ඊට පස්සේ ඒ වි ටික තුට්ටු දෙකට අරගෙන ගබඩා කරගන්නෙත් ඔය ලොකු හාල් මෝල් හිමියන් දෙදෙනමයි. ඒ අයගේ ජාවාරම ඒක තමයි.

ආණ්ඩු බලය පාවිච්චි කරලා තමයි මේ මාෆියාව මේ අය සිදුකරන්නෙ. එසේනම් මේ හාල් අර්බුදය විසඳන්න නම් හාල් මාෆියාව සිදුකරන දෙදෙනාට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලිමක් කරනවා’’ යැයි ඔහු පැවසිය.

වීඩියෝ 

                        

සහල් මිළ පාලනය කර ගැනීම සඳහා ජනාධිපතිවරයා දැඩි උත්සාහයක නිරතව සිටින අතර, ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යය ඔස්සේ විවිධාකාරයේ අදහස් හුවමාරුවෙමින් පවතී.

ඒ අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන සාහිත්‍යවේදී රවී සිරිවර්ධන ඔහුගේ FB පිටුවේ මෙවැනි පොස්ටුවක් පළකර තිබේ.

''ජනාධිපතිවරය වටේ ඉන්නෙ එතුමට ඇත්තටම ආදරේ උපදේශකයො නම්, දෙන්න තියෙන්නෙ මේ උපදෙස විතරයි.. උපදේශකයො හාල් මාෆියාකාරයොන්ගෙ අල්ලස් ගිලල නම් ජනාධිපතිතුමාට වෙන්නෙ කඩවල් ගානෙ රස්තියාදු වෙන්න..ඒකෙන් වැඩක් වෙන්නෙ නෑ..

                                                    


ඒ අතර සුනෙත් අබේධිරගේ (Suneth Abedheera) මෙවැනි සටහනක් පළකර ඇත.

ආවෙ රට හදන්න .......
කරන්නේ හාල් විකුනන එක ........... ? ? ?

79947824 444124953200506 8391183571628326912 o

කෙසේවුවද කවිඳු උදයංග (Kavidu Udayanga) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපි -(Sri Lanka PoduJana Peramuna Members) පිටුවේ මෙවැනි සටහනක් පළකර තිබේ.

Screen Shot 2019 12 24 at 10.40.34 PM

subscribeYT

නවතම පුවත්