ලබන වසරේ නිදහස් දින උළෙලේ දී දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගැයීම ඉවත් කිරීම නිසැකවම ජාතික සංහිඳියාවට සහ ඒකාබද්ධතාවට දැඩි පහරක් බව හිටපු ජාතික ඒකාබද්ධතා අමාත්‍ය මනෝ ගනේෂන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුණගැසී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා පවසයි.

මේ අතර දෙමළ ජාතික සන්ධානය ද චෝදනා කරන්නේ, වත්මන් රජයේ ආකල්ප ජාතීන් අතර සුහදත්වයට බාධාවක් බවයි. එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.සුමන්දිරන් පවසන්නේ දෙමළ බසින් ජාතික ගීය ගායනාSumanthiran 2019.12.28 කිරීමට ඉඩ නොදීම එහි එක් සිද්ධියක් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.සුමන්දිරන් මෙසේ පැවසීය.

“2015 යහපාලනය රජය පළමු වරට ජාතික ගීය  නිදහස් දවසේ දෙමළෙන් ගායනා කළා. මමයි සම්බන්ධනුයි ඒකට ගියා. දශක කිහිපයකට පසු ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය  නිදහස් උත්සවයට එක්වුණේ. ඊට හේතුව තමයි සුහදශීලිත්වය. හිටපු ජනාධිපති සිරිසේන මහතා කිව්වා හැමෝම යුද්ධය සමරනවා නමුත් ඒක දැඩි හානියක් වුණු දෙයක් කියලා. 

දැන් සුහදතාවය වෙනස් වෙමින් පවතිනවා. ඒකේ එක් සිද්ධියක් තමයි දෙමළෙන් ජාතික ගීය කියන්න නොදෙන එක. වත්මන් රජයේ ආකල්ප වෙනස් වෙලා. ඒක සුහදත්වයට බලපෑමක්. අපිට සාමයේ දෑත් දිගු කරන්න බැහැ. දෙමළෙන් ජාතික ගීය කියන්න එපා කියලා කියනවානම් ඒකේ තේරුම දෙමළ මිනිස්සු ජාතික ගීය කිව යුතු නැහැ කියන එකයි. 

ඒක අපි සන්තෝසෙන් අත්හැරලා දානවා. ‍අපි කොහෙවත් කිව්වේ නැහැ දෙමළෙන් ජාතික ගීයක් කියන්න ඕන කියලා. එක රටක ඉන්න සියලු ජාතීන් අතර බැදීම් සහජීවනය කඩා කප්පල් වන විදියට මේ රජය කටයුතු කරනවා කියලා අපි ආණ්ඩුවට කියන්න කැමතියි. 

ප්‍රධාන ජනසමාජය දෙමළ මිනිස්සු ප්‍රතික්ෂේප කරලා අවුරුදු ගණනාවක් වෙනවා. ඒක වෙනස් වෙන්න ඕනනම් බලය බෙදීමක් වෙන්න ඕන. එතකොට තමයි අපිට ලංකාවේ සම තත්ත්යෙන් ජීවත්වෙන්න පුලුවන්.“

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image