පසුගිය ජනාධිපතිවරණයේදී සහයදුන් අන්තවාදී බලවේග සතුටු කිරීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බද්දුර්දින් අත්අඩංගුවට ගන්නැයි ආණ්ඩුවේ ප්‍රබලයින් කිහිපදෙනෙකු විසින් ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් theleader.lk වෙත වාර්තාවේ.
එහෙත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, මින් ඉදිරියට විපක්ෂයේ දේශපාලකයින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීම් පසෙක තබා එවැනි පුද්ගලයින් පිළිබඳව චෝදනා ඇත්නම් අධිකරණය හරහා නිත්‍යානුකුලව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.
විමල් ගෙන් තවත් චෝදනාවක් !
ඒ අතර 'අරුණ' පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් විරවංශ පවසා ඇත්තේ, හිටපු ඇමති රිෂාද් බදුර්දීන් විසින් පාලනය කරන ලද අමාත්‍යාංශ තුනම පාස්කු ප්‍රහාරයට තෝතැන්නක් වී තිබුන බවයි.
ඇමතිවරයා තවදුරටත් මෙසේද සඳහන් කර ඇත.
''කාර්මික සංවර්ධණ මණ්ඩලය ඊබ්රාහිම්ගේ තඹ කර්මාන්ත ශාලාවට ක්ෂේත්‍ර පරීක්ෂණයක් කරලා තඹ ප්‍රමාණයක් දෙන්න තීරණය කරනවා නීත්‍යානුකූලව. ඒ ප්‍රමාණයට වඩා සභාපතිවරයා අත්තනෝමතිකව ඊබ්‍රහිම්ට දීලා තියෙනවා. අපි ඒ ගැන පරීක්ෂණයක් පවත්වනවා.
රිෂාඩ් ඔහුට හිමිව තිබූ අමාත්‍යාංශ තුනම ඔවුන්ගේ අන්තවාදී දේශපාලන න්‍යාය පත්‍රයට අවශ්‍ය ලෙස තමයි යොදාගෙන තියෙන්නේ. පත් කරලා තිබුණු සභාපතිවරුත් අතිශය අන්තවාදීව කටයුතු කරන අය. පාස්කු ප්‍රහාරයට තෝතැන්නක් වෙලා තියෙනවා මේ අමාත්‍යාංශ තුනම.''
'විමර්ශනවලට උපරිම සහය දෙනවා' - රිෂාඩ් යලිත් කියයි
මෙවැනි චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසන්නේ, පාස්කු ඉරුදින (අප්‍රේල් 21) එල්ල කෙරුණ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට (රහස් පොලිසියට) තම උපරිම සහය ලබාදෙන බවයි.
පාස්කු ඉරුදින (අප්‍රේල් 21) එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සිය රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර එරෙහි චෝදනා සම්බන්ධයෙන් වන නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඉදිරියේ පසුගිය 23දා කැඳවනු ලැබූ අවස්ථාවේදී, එම නඩුවට අදාලව හිටපු අමැතිවරුන් වන රාවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සුදානම් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ප්‍රකාශ කර තිබිණ.
විල්පත්තු ජාතික වනෝද්‍යානය හා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන්නැයි රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දෙසැම්බර් 05දා ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් ද කර තිබිණ.
සබැඳි පුවත් :
පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව : 'රහස් පොලිසියට උපරිම සහය දෙනවා' - හිටපු ඇමති රිෂාඩ් කියයි
CIDය රිෂාඩ් ගෙන් ප්‍රශ්න කිරීම :ජනාධිපතිට ලියපු ලිපියට ප්‍රතිචාරයක් ද ?
රහස් පොලිසිය හකීම් සහ රිෂාඩ්ගෙන් ප්‍රශ්න කිරීමට යයි
විල්පත්තු හා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර චෝදනා ගැන විමර්ශනයක් කරන්න -බදියුදීන්, ජනපතිට කියයි