ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන්නැයි කෙරුණ කැඳවීම මත අද (30) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (රහස් පොලිසිය) වෙත ගිය අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා එහි දී අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමේ සුදානමක් පවතින බවට ආණ්ඩුවට හිතවත් ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කරයි.
පාස්කු ඉරුදින (අප්‍රේල් 21) එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සිය රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර එරෙහි චෝදනා සම්බන්ධයෙන් වන නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඉදිරියේ පසුගිය 23දා කැඳවනු ලැබූ අවස්ථාවේදී, එම නඩුවට අදාලව හිටපු අමැතිවරුන් වන රාවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සුදානම් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ප්‍රකාශ කර තිබිණ.
ඊට ප්‍රතිචාර දක්වමින් රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත පවසා තිබුනේ, පාස්කු ඉරුදින එල්ල කෙරුණ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට තම උපරිම සහය ලබාදෙන බවයි.
විල්පත්තු ජාතික වනෝද්‍යානය හා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන්නැයි රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දෙසැම්බර් 05දා ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් ද කර තිබිණ.
සබැඳි පුවත්
රිෂාඩ් අත්අඩංගුවට ගෙන අන්තවාදීන් සතුටු කිරීමේ සුදානමක්!
පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව : 'රහස් පොලිසියට උපරිම සහය දෙනවා' - හිටපු ඇමති රිෂාඩ් කියයි
CIDය රිෂාඩ් ගෙන් ප්‍රශ්න කිරීම :ජනාධිපතිට ලියපු ලිපියට ප්‍රතිචාරයක් ද ?
රහස් පොලිසිය හකීම් සහ රිෂාඩ්ගෙන් ප්‍රශ්න කිරීමට යයි
විල්පත්තු හා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර චෝදනා ගැන විමර්ශනයක් කරන්න -බදියුදීන්, ජනපතිට කියයි