රාජ්‍ය සේවයේ මහජන නියෝජිතයින්ගේ මෙන්ම නිලධාරීන් විසින් සිදුකරන අල්ලස් ගැනීම් හා දුෂණ මැඩපැවැත්වීමට සුදුසු යාන්ත්‍රණයක් හඳුන්වා දීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමුව ඇති අතර

ඒ අනුව ජාත්‍යන්තර නීතිරීති හා අද්දැකීම් අනුසාරයෙන් ඒ සඳහා මෙරටට සුදුසු ප්‍රයෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලෙස විද්වතුන් කණ්ඩායමකට උපදෙස් දී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දු වූ පරිදි ඥාති මිත්‍රකම්, දේශපාලන සම්බන්ධතා, ජාති ආගම් කුල ආදී කිසිවක් නොසලකා මෙරට අල්ලස හා දුෂණය මැඩපැවැත්වීමට දැඩි නීති පද්ධතියක් හඳුන්වාදීමට ජනාධිපතිවරයා අදහස් කර සිටින බවද එම ආරංචිමාර්ග පවසයි.

එහිදීඅල්ලස හා දුෂණය අවම කිරීමට සිංගප්පුරුව විසින් ගෙන ඇති නීතිමය ප්‍රතිපාදන කෙරෙහි එම විද්වතුන්ගේ අවධානය යොමුව ඇතැයි ද පැවසේ.

දුෂිත රාජ්‍ය සේවකයින්ට වැඩ වරදී !

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ, පැවති සෑම රජයක් කෙරෙහිම ජනතා වෛරයක් ඇති කළ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවය තම ධුර කාලයේදී අවසන් විය යුතු බවයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කලේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ජේෂ්ඨ නිලධාරීන් සමග අද (31) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ජාවකදීය.

දෛනික ජන ජිවිතයට සෘජුව සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් පිරිසිදු ආයතන බවට පත්විය යුතු බව මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහතික කිරීමට නම් අනවශ්‍ය අණ පනත් සහ රේගුලාසි කඩිනමින් සංශෝධනය විය යුතු බව පැවසු ජනාධිපතිවරයා, සියලු රාජ්‍ය සේවාවන් සරල සහ ජනතාව අපහසුතාවයට පත් නොවන ක්‍රමවේදයකින් ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කළේය.

"රාජ්‍ය සේවය පිළිබඳව ජනතා විශ්වාසය නැවත තහවුරු කිරීම  ලක්ෂ 15ක් වන සමස්ත රාජ්‍ය සේවකයින්ගේ ප්‍රමුඛ වගකීමක්. එහිදී විවෘත සංවාද, සාකච්ජා සහ නොසඟවා ගැටළු ඉදිරිපත් කිරීම ඉතා වැදගත්. රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු සඳහා හැකියාවක් සහ වෘත්තීය නිපුණතාවයක් ඇති පිරිස් බඳවා ගැනීමට විද්වත් කමිටුවක් පත් කලේ රාජ්‍ය සේවය රටේ කොඳුනාරටිය නිසයි.'' යයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

රහස් පොලිසිය හා බුද්ධි අංශ සීරුවෙන් !

රාජ්‍ය සේවය සියලු අක්‍රමිකතා බැහැර කළ යුතු බව අවධාරණය කර සිටි ජනාධිපතිවරයා, දෛනික ජන ජිවිතයට වැදගත් රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සොයා බැලීමට සහ නීතියේ රැහැනට හසු කර ගැනීමට බුද්ධි අංශ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදුන් බව කියා සිටියේය. 

''අල්ලස් ගන්නන් වගේම අල්ලස් දෙන්නන් නීතියේ රැහැනට හසු කර ගත යුතුයි'' යයි පැවසු ජනාධිපතිවරයා,  රාජ්‍ය සේවකයෙකු දුෂණ සහ වංචාවන්ට සම්බන්ධ වුවහොත් තරා තිරම නොබලා දඬුවම් දෙන බවත් එවැනි අයෙකුට යළිත් කිසිදු අවස්ථාවක රාජ්‍ය සේවයට එක්වීමට අවස්ථාව ඉඩනොදෙන බවත් කියා සිටියේය.

image 58b71d5ec4                                                      ''රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවන්නේ විදෙස් ශ්‍රමිකයින් සහ කෘෂිකර්මාන්තය ඇතුළු රැකියාවල ජනතාව උපයන ආදායමෙන්.'' 

''විදේශීය ආයෝජකයින් තුළ මෙන්ම සමස්ත ලෝකය තුලම රට පිලිබඳ පැහැදීමක් ඇති වන්නේ රාජ්‍ය සේවයේ ක්‍රියාකාරීත්වය මතයි. රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඇතුළු පහසුකම් වැඩිකළ හැක්කේ රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමෙන්. 

රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවන්නේ විදෙස් ශ්‍රමිකයින් සහ කෘෂිකර්මාන්තය ඇතුළු රැකියාවල ජනතාව උපයන ආදායමෙන්. ඒ නිසා සමස්ත ජනතාවට කාර්යක්ෂම රාජ්‍ය සේවකයක් ලබාදීමට සියලුම සේවකයින්ගේ ප්‍රමුඛ වගකීමක්.

ඒ හේතුවෙන් මහජන සේවා කාර්යක්ෂමව ඉටු කිරීමේදී දත්ත ජාලගත කිරීම, නව තාක්ෂණික ක්‍රමඋපායන් අනුගමනය කිරීම වගේම සියලු ආයතන මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කිරීම අවශ්‍යයි.'' ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසිය.

සබැඳි පුවත් :
Systems change: සියලු ශ්‍රී ලාංකිකයින්ගේ පුද්ගල දත්ත එක් ඒකකයක් යටතට!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්