විකාශන නියාමන අධිකාරී පනත හරහා සියලු මාධ්‍ය ජනාධිපතිවරයාගේ අතට පත් කර ගැනීමේ සූදානමක් ඇතැයි නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පවසයි.



හිටපු ජනමාධ්‍ය ඇමතිවරයෙකු ද වන ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමිනි.


මෙම පනත් කෙටුම්පත හරහා අනාගතයේ බලයට පත්වන නායකයින්ට අනවශ්‍ය බලයක් හිමිවන බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.


ජනමාධ්‍ය නියාමනය සඳහා අවශ්‍ය වන්නේ දේශපාලනයෙන් තොර ස්වාධීන යෝජනාවලියක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මෙහිදී ප්‍රකාශ කළේ.


යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත මෙන්න

''අවසන් තීරණයක් ගෙන නැහැ'' - අධිකරණ ඇමති




මේ අතර අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසන්නේ, විකාශන නියාමන කොමිසම පිහිටුවීම පිළිබදව අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

''සකස් කර තිබෙන්නේ යෝජනා මාලාවක් පමණයි, මාධ්‍ය ආයතනවලට ඒ සදහා අදහස් හා යෝජනා ලබා දිය හැකියි.''  යයි ඔහු පැවසුයේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී විකාශන නියාමන කොමිෂමක් පිහිටුවීම සදහා රජය විසින් සකස් කිරීමට නියමිත විකාශන නියාමන පනත් කෙටුම්පත සම්බන්ධව මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයක් සදහා පිළිතුරු ලබා දෙමිනි.

එහිදී ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් තවදුරටත් මෙසේද සඳහන් කළේය.

''විකාශන නියාමන කොමිසම පිහිටුවීම පිළිබදව අවසන් තීරණයක් ගෙන නැහැ. එම කොමිසම පිහිටුවීම සම්බන්ධ මුලික කටයුතු සිදු කරනු ලබන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයයි. දැනට ලබා දී ඇති ගුවන් විදුලි නාලිකා සම්බන්ධ බලපත්‍ර ලබා දී තිබෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පනතත යටතේයි. රූපවාහිනී බලපත්‍ර ලබා දී තිබෙන්නේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනතෙහි ප්‍රතිපාදන අනුවයි.

ඒ නිසා මේ බලපත්‍ර ලබාදීම ප්‍රමිතියකින් යුතුව නියාමනය කිරීම සදහා ක්‍රමවේදයක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කර තිබෙනවා. එහි සභාපති ලෙස මමත්, ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මැතිතුමා, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමා හා වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාත් කටයුතු කරනවා. අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් යෝජනා මාලාවක් සකස් කර තිබෙනවා. මේ සකස් කර තිබෙන්නේ යෝජනා මාලාවක් පමණයි. ඒ පිළිබදව සාකච්ඡා කර සුදුසු පරිදි පනතක් සකස් කිරීම සිදු කිරීමට නියමිතයි.''

 

''මේ යෝජනා සම්බන්ධ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට තම යෝජනා අදහස් ඉදිරිපත් කළ හැකියි. මේ සකස් කර තිබෙන්නේ කෙටුම්පතක් නොවෙයි යෝජනා මාලාවක් පමණයි මේ සම්බන්ධව යෝජනා ලබාදීමේ හැකියාව මාධ්‍ය ආයතනවලට තිබෙනවා. ඒ නිසා දැන් මේ පිළිබදව සාකච්ඡා කිරීමෙන් තේරුමක් නැහැ. මේ ගැන සියලු මාධ්‍ය ආයතන සමග සාකච්ඡා කර යෝජනා ලබාදීමේ අවස්ථාව පවතින බව ද අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.''

 

සබැඳි ලිපි :

විද්‍යුත්මාධ්‍ය නියාමනය හුදු ව්‍යාපාරික ගනුදෙනුවක් ද ? - (විජයානන්ද ජයවීර)

විද්‍යුත් මාධ්‍ය නියාමනය කොයිබට ද 1 ? - (ආචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ)


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්