නීතියේ ආධිපත්‍යට සෘජු බලපෑමක් එල්ල විය හැකි පරිදි ජනාධිපතිවරයා විසින් නව මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකු

පත් කර ඇතැයි ශ්‍රී ලංකාවේ විනිසුරුවරු චෝදනා කරති.

" දිසා විනිසුරුවරුන් වන ටී. ප්‍රභාකරන්, පී.කේ. පරණ ගමගේ සහ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් ටිකිරි කේ ජයතිලක මෙන්ම රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ කේ.ඩී.වයි.එම් නයනී නිර්මලා කස්තුරිරත්න යන අය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහාධිකරණ විනිසුරුවරුන් පත් කරන අතර ඔවුන්ට අදාල පත්වීම් ලිපිද ප්‍රදානය කළ බව" ජනාධිපති මාධ්‍ය ඒකකය ජුනි 5 වැනිදා නිවේදනය කර තිබුනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ජුනි 6 වැනි දින  ලිපියක් යොමු කරමින් අධිකරණ සේවා සංගමය සිහිපත් කරන්නේ මහාධිකරණ සදහා නව විනිසුරුවරුන් පත් කිරීමේදී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ටිකිරි ජයතිලක සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු කණිෂ්ඨ නිලධාරිනියකගේ නම් යෝජනා කර තිබීම මගින් අධිකරණයේ ස්වාධිනත්වයට සිදුවන බලපෑම සහ ශ්‍රී ලංකාව පුරා සේවය කරනු ලබන දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් සිදු වන අසාධාරණය සම්බන්ධයෙන් සිය සංගමය මැයි 26 වැනි දින ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි.\


එකී පත්කිරීම් වල නුසුදුසු භාවය දැනුම් දී තිබියදීත් ඔවුන් දෙදෙනා නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම මහජනතාවට අධිකරණය කෙරෙහි ඇති විශ්වාසය බිද වැටීමට හේතු විය හැකි අතර ඒ මගින් නීතියේ ආධිපත්‍ය බිදවැටීම සිදුවහොත් එය බරපතල ප්‍රතිවිපාක ඇති කරවන්නක් විය හැකි බව අධිකරණ  සේවා සංගමයේ සභාපති සහ ලේකම්ගේ අත්සනින් යුතුව ජනාධිපතිට යොමු කළ ලිපියේ මගින්  අවධාරණය කර තිබේ.



සිය ඉල්ලීම සලකා බැලීමකින් තොරව සිදු කළ නව පත්කිරීම් සම්බන්ධයෙන් තම සංගමයේ දැඩි අප්‍රසාදය ජනාධිපතිවරයාට දැනුම් දීමටත් අධිකරණ සේවා  සංගමය කටයුතු කර ඇත.

"ඉහත සදහන් කළ නව මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා පත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන්, දිවයින පුරා සේවය කරනු ලබන දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරනු ලබන අප සංගමයේ දැඩි අප්‍රසාදය පළකිරීමටද 2023.06.01 දින පැවැති විශේෂ විධායක කමිටු රැස්වීමේදී තීරණය කළ බව දැනුම් දෙමු."

P N 3

PHOTO 2023 06 08 14 45 51

PHOTO 2023 06 08 14 45 52


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්