ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය, මූලික අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් හෑල්ලුවට ලක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ රජය අනුගමනය කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග ගැන තමන් තැති ගැනී සිටින බව ‘සැමට යුක්තිය’ නම් එකතුව කියා සිටී.


මෙම එකතුවට අයත් වන්නේ ඒ.ඒ.එම්. ෆායිස්, භවානි ෆොන්සේකා, අර්මිසා ටාගල්, ජයදේව උයන්ගොඩ, ජයම්පති වික්‍රමරත්න, එම්.ඒ.සුමන්තිරන් යන දේශපාලන සහ සමාජ ක්‍රියාකාරී පිරිසකි.

මූලික අයිතිවාසිකම් සහ නිදහස සීමා කරන එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය පසු බස්සවන සහ ප්‍රජා අවකාශය හැකිළවීම නීත්‍යනුකූල කරන නීති සහ රෙගුලාසි පැනවීමේ භයානක තර්ජනය විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු බව එම නිවේදනය සඳහන් කරයි.

එම නිවේදනය තවදුරටත් මෙසේ සඳහන් කරයි.

 

“ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම, රට ස්ථාවර කිරීම සහ ජාතික ආරක්ෂාව සහතික කිරීම යන කඩතුරා යටතේ ඉදිරිපත් කරන ලද එම නීති සහ රෙගුලාසි, මෙරට බිඳෙන සුලු ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ගැඹුරු ප්‍රතිවිපාක ඇති කරන බවත් එමගින් විවාදය සහ විසම්මුතිය තවදුරටත් යටපත් වනු ඇත. තේරී පත් නොවූ ජනාධිපතිවරයෙකුගේ මෙම ඒකාධිපති නීති ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය හෙළා දකිමු. ‘නීතිය මගින් පාලනය’ යනු නීතියේ ආධිපත්‍යය නොවේ. එය ඒකාධිපතිවාදයයි.

 

“ශ්‍රී ලාංකේය ජනතාව දුෂ්ට පාලනයක් විසින් උග්‍ර කර ඇති අර්බුදයකින් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවත් ජනතා අවශ්‍යතාවයන්ට අහිතකර පාලනයට දක්වන අවිවාදිත ප්‍රතිරෝධයත් අපි අත්දකිමු. ජනාධිපතිවරයා සහ ඔහුගේ රජය ජනතාවගේ දුක හඳුනා නොගනී. එය යෙදී සිටින්නේ ජනතාව බෙදා වෙන් කරන, දේශපාලන ප්‍රභූන්ට වාසිදායක සහ ජනතාවට අවාසිදායක ක්‍රියාදාමයකය.

ඡන්දය කල් යාමෙන් පරිපාලන අවුල් රැසක්'

“මැතිවරණ පැවැත්වීම ප්‍රමාද කිරීම නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවය නැති වී ඇත.

“විසම්මුතිය මැඩපැවැත්වීම සඳහා යොදවා ඇති ක්‍රියාමාර්ග රාශියක් අපි පසුගිය කාලයෙහි දුටුවෙමු.

ජනාධිපති ධූරයට පත්වී සති කිහිපයක් ඇතුළත නිල රහස් පනත යොදා ගනිමින් අධි ආරක්‍ෂිත කලාපයක් නිර්මාණය කිරීමේ උත්සාහයක් අපි දුටුවෙමු. යල්පිනූ නීතියක් අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් එල්ල වූ දැඩි විරෝධයට ප්‍රතිචාරයක් ලෙස මෙම යෝජනාව ඉල්ලා අස්කර ගන්නා ලදී.

“පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත, පුරවැසියන් ‘පුනරුත්ථාපනය’ කිරීමේ ආඛ්‍යානය සහ ක්‍රියාමාර්ග නැවත වරක් ඉදිරිපත් කිරීමක් විය. යෝජිත නීතිය විශ්වසනීය යුක්ති සහගත කිරීමක් නොවීය. එහි නිසි (නීතිමය) ක්‍රියාදාම ආරක්‍ෂාවක් නොතිබුණි. එමෙන්ම විධායක ක්‍රියා සම්බන්ධයෙන් අධිකරණ පරීක්‍ෂණයක් ලබා දී නොතිබුණි.  මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස බලය අයුතු ලෙස භාවිත කිරීමේ සමහර අවස්ථා වැළැක්වීම සඳහා සංශෝධන ඉදිරිපත් කරන ලදී.

 

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ලබන 25 වැනි දා පාර්ලිමේන්තුවට - අධිකරණ ඇමති

 

“2022 දී දීප ව්‍යාප්ත වූ මහජන ව්‍යාපාරය ඇතුළුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලා සිටින පසුබිමක, මේ වසරේ මාර්තු මාසයේ දී රජය ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළේය.  එය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සහ රඳවා තබා ගැනීමට පොලිසියට සහ ආරක්ෂක අංශවලට පුළුල් බලතල සලසන කුරිරු යෝජනාවකි. අදහස් ප්‍රකාශනයට සහ වාර්තා කිරීමට මාධ්‍යවලට සීමා පැනවීමට, සංවිධාන තහනම් කිරීමට, සංචලනය සීමා කිරීමට විධායක ජනාධිපති ක්‍රමයට පුළුල් බලයක් එහි ඇති වෙනත් භයානක විධිවිධාන අතර වේ. එම පනත සම්මත වන්නේ නම් , ඕනෑම ආකාරයක විරෝධතාවක් සහ විරුද්ධත්වයක් තලා දැමීමට බලධාරීන්ගේ නවතම මෙවලම බවට එය පත් වනු ඇත.

 

ජනාධිපති සහ ඔහුගේ රජය ගෙන ඇති ක්‍රියාමාර්ගයන්හි විනාශකාරී බව අපි කියා සිටිමු. මෙම ක්‍රියාවන්හි ප්‍රතිවිපාක අපගේ සමාජයේ ව්‍යුහය කෙරෙහි කල්පවතින බලපෑමක් ඇති කරන අතර අනාගත පරම්පරාවන්ගේ ජීවිත හැඩගස්වනු ඇති බව ද අපි සටහන් කරමු.

 

ලියන කියන දෙයක් ජුනි මාසයට කලින් අවසන් කරනවා නම් හොඳයි' - (කුසල් පෙරේරා)

“විද්‍යුත් මාධ්‍ය ආයතන සඳහා බලපත්‍ර සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා පුළුල් බලතල සහිත විකාශන නියාමන කොමිෂන් සභාවක් පිහිටුවීමේ නීතියක් හඳුන්වා දීමට රජය සැලසුම් කර ඇතයි ද වාර්තා වේ. ශ්‍රී ලංකාවේ ප්‍රකාශන නිදහස සඳහා භයානක ප්‍රතිවිපාක ඇති කරමින් මාධ්‍ය නිදහස සීමා කිරීම සඳහා රජයේ  නවතම මෙවලම මෙයයි.

“ආර්ථික ප්‍රතිසංස්කරණ නාමයෙන් රටේ සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයේ වෙනස්කම් සිදු වෙමින් පවතින්නේ වඩාත්ම පීඩාවට පත්වූවන් අතර පුළුල් උපදේශනයකින් තොරව ය.

“ඉහළ යන ජීවන වියදම, විරැකියාව, ආහාර සුරක්ෂිතතාව සහ කාන්තාවන් විසින්  කල යුතු රැකවරණ වැය  වැඩිවීම යනාදිය සම්බන්ධ පුරවැසියන්ගේ අවිනිශ්චිතභාවය ඉහළ යන සන්දර්භයක් තුළ කම්කරු නීති සඳහා ප්‍රතිසංස්කරණ ද ඉදිරිපත් කර ඇත.

 

“නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සහ හමුදාව විසින් රජය සහ රජය අනුමත කරන ලද ක්‍රියාමාර්ග විවේචනය කරන මාධ්‍යවේදීන්, විරෝධතාකරුවන් සහ අනෙකුත් අය සෝදිසි කිරීම්, බිය ගැන්වීම් සහ හිරිහැර කිරීම් වැඩි වූ සන්දර්භයක් ද දක්නට තිබේ.

 

කඳුළු ගෑස් ප්‍රහාරයකදී ආරක්ෂා වන හැටි - (අජිත් පැරකුම් ජයසිංහ)

“සාමකාමී විරෝධතාවලට ප්‍රතිචාර වශයෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර ප්‍රචණ්ඩ ක්‍රියාමාර්ග සාමාන්‍ය දෙයක් බවට පත් ව තිබේ.

“විරෝධතාකරුවන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පොලිසියට මාර්ගෝපදේශ සමඟ ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පියවර ගැනීමට සිදුවිය.

විවේචකයින් සහ දේශපාලන විරුද්ධවාදීන් ගැන සඳහන් කිරීමේ දී ජනාධිපතිවරයා සහ ඔහුගේ සමහර කැබිනට් සගයන් භාවිතා කරන බිය ගැන්වීමේ සහ උසි ගැන්වීමේ භාෂාව පිළිබඳ අපි දැඩි කනස්සල්ල පළ කරමු.

 

“අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ විරෝධතාවයන් යටපත් කිරීම සඳහා බලධාරීන් විසින් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR පනත) අඛණ්ඩව භාවිතා කිරීම අපි හෙළා දකිමු. මෙම පනතේ නවතම භාවිතය වන්නේ බුදු දහමට අපහාසයක් යැයි කියන උපහාසාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් නැගී එන ප්‍රහසනකාරියක අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සහ එම වීඩියෝ පටය බෙදා හැරීම සම්බන්ධයෙන් බ්ලොග්කරුවෙකු අත්අඩංගුවට ගැනීමයි.

 

“සිවිල් සහ දේශපාලන අයිතීන් සුරැකීමට අදහස් කරන මෙම නීතිය, එය ක්‍රියාත්මක වූ දා සිට භාවිතා කරනු ලැබුවේ විවේචනාත්මක හෝ විකල්ප දෘෂ්ටිකෝණයක් ඇති අයට එරෙහිව ආයුධයක් ලෙස පමණකි.  එය ශ්‍රී ලාංකේය දේශපාලනයේ බෙදීම් ඇති කරන වාර්ගික ආරෝපිත ආඛ්‍යානයක් ස්ථාපනය කරන ආකාරයෙන් ප්‍රචාරය කරනු ලැබේ.

“එපමණක් නොව, විවේචකයින් සහ දේශපාලන විරුද්ධවාදීන් ගැන සඳහන් කිරීමේ දී ජනාධිපතිවරයා සහ ඔහුගේ සමහර කැබිනට් සගයන් භාවිතා කරන බිය ගැන්වීමේ සහ උසි ගැන්වීමේ භාෂාව පිළිබඳ අපි දැඩි කනස්සල්ල පළ කරමු.

“විකල්ප මතයක් දරන්නන් කුමන්ත්‍රණකරුවන් ලෙස ලේබල් කිරීම ඵලදායී විවේචනවල වැදගත්කම අඩාල කරන අතර සෞඛ්‍ය සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදයක වර්ධනයට බාධා කරයි.

International Covenant on Civil and Political Rights (ICCPR)

“තවද, මෙම නපුරු වාචාල ප්‍රචාර ප්‍රසිද්ධියේ තම දුක්ගැනවිලි අවංකව ඉදිරිපත් කරන, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් පෙනී සිටින, ජනතාවට සේවය කරන ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින, නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරන, දූෂණයට සහ පැතිරී යන දණ්ඩ මුක්තියේ සංස්කෘතියට එරෙහිව නැගී සිටින අය කෙරෙහි  එදිරිවාදිකම් වර්ධනය කරයි.

“ජනාධිපතිතුමා සහ ඔහුගේ රජය ගෙන ඇති ක්‍රියාමාර්ගයන්හි විනාශකාරී බව අපි කියා සිටිමු. මෙම ක්‍රියාවන්හි ප්‍රතිවිපාක අපගේ සමාජයේ ව්‍යුහය කෙරෙහි කල්පවතින බලපෑමක් ඇති කරන අතර අනාගත පරම්පරාවන්ගේ ජීවිත හැඩගස්වනු ඇති බව ද අපි සටහන් කරමු.

“ජනතාවගේ ඉල්ලීම් හෑල්ලුවට ලක් කිරීමට භාවිතා කරන ආර්ථික ප්‍රකෘතියේ සහ ජාතික ආරක්ෂාවේ භාෂාවට එරෙහි විය යුතුය.  අප මේ මොහොත ගන්නේ අපේ රට ගමන් කරන මාවත හඳුනා ගැනීමටයි.

“විවෘත සංවාදයක යෙදීමට, ජනතා ගැටලුවලට ඇහුම්කන් දීමට ධෛර්යය සහ දැක්ම අවශ්‍ය බව සහ විවාදය සහ විසම්මුතිය සැබෑ ලෙස අගය කරන අපට මෙන්ම, මේ රටේ ජනතාව ගැන හිතන සියලු දෙනාටත් අපි යළිත් තහවුරු කරමු.

 

“සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් දියුණු වන්නේ පුරවැසියන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට, ප්‍රතිපත්ති විවේචනය කිරීමට සහ තම රටේ අනාගතය හැඩ ගැස්වීමට ක්‍රියාකාරීව සහභාගී වීමට අවකාශය ලබා දෙන විටය.”

 

(සැමට යුක්තිය)
2023 ජුනි 07

( මෙය නිල පරිවර්තනයක් නොවේ. පරිවර්තනය ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙතිනි)


(srilankabrief.org)



සබැඳි ලිපි :

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්