එජාප මන්ත්‍රී රන්ජන් රාමනායකගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවස පරික්ෂා කිරීමේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අසභ්‍ය යයි කියවෙන DVD පට අතර අන්තර්ජාලය ඔස්සේ ආන්දෝලනාත්මක වීඩියෝ

මුදාහරිමින් සිටි ෂර්මි කුමාරි නම් කාන්තාව විසින් ලබාදී ඇතැයි සැක කෙරෙන  DVD පට කිහිපයක් ද තිබුන බවට සැලවීමත් සමග විවිධ ක්ෂේත්‍රවල ප්‍රබලයින් රැසක් බලවත් සේ කලබලයට පත්ව සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් theleader.lk වෙත වාර්තා වේ.

පසුගියදා ෂර්මි කුමාරි අත්අඩංගුවට පත්වී රිමාන්ඩ් භාරයට පත්වීමෙන් පසු ඇයගේ හිතවතකු විසින් ඔවුන් විසින් පවත්වා ගෙන ගිය 'සැලුන් එකට' ආගිය ප්‍රබල දේශපාලනඥයින්, ආරක්ෂක අංශ ප්‍රධානින්, ව්‍යාපාරිකයින්, රජයේ ඉහල නිලධාරීන්ගේ මෙන්ම ප්‍රමුඛ පෙලේ මාධ්‍යවේදීන් ද සුරූපී තරුණියන් සමග යහන්ගතව සිටින ආකාරය දැක්වෙන වීඩියෝපට කිහිපයක්ම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අතට පත්කර තිබී ඇති බවත්, එසේ ලබාදුන් වීඩියෝ කිහිපයක් ද ඊයේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවසේදී අත්අඩංගුවට පත්ව ඇති බවත් ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ෂර්මි කුමාරි පසුගියදා වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම හා ගණිකා වෘත්තියේ යෙදීම යන චෝදනා මතය.

වත්තල ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක මුවාවෙන් මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති අතර මෙහිදී එක් තරුණියක් අලෙවි කර ඇත්තේ පැයකට රුපියල් තිස්දාහකට වඩා වැඩි මුදලකටය.

සබැඳි පුවත් :

රංජා ළඟ තිබ්බ අසභ්‍ය තැටි වලින් රජය අපහසුතාවයට පත්වුනේ කෝමද ? '

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්