පෞද්ගලික ආරක්ෂාව සඳහා රජයෙන් ලබා දුන් පිස්තෝලයේ බලපත්‍රය අලුත් නොකිරීමේ චෝදනා මත

අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැඟින් වු ශරීර ඇප මත මුදා හැර කර ඇත.

අද පස්වරුවේ කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය මඟින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

අධිකරණය මඟින් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව රන්ජන් රාමනායකගේ මාදිවෙල පිහිටි නිවස ඊයේ (04) පස්වරුවේ දී කොළඹ දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් විසින් සෝදිසි කිරීමක් සිදුකරනු ලැබිය.

එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාශයේ සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනවලට සම්බන්ධ සංවාද ඇතුළත් බවට සැකකෙරෙන දෘඩ තැටි හා සංයුක්ත තැටි කිහිපයක් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

 

සජිත්, රන්ජන් සමග අලුයම වනතෙක්...

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට රැගෙන ආ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එජාප මන්ත්‍රීවරුන් රාශියක් එම ස්ථානයට පැමිණ සිටියේය. විපක්ෂ නායකවරයා අද අලුයම 2.00 පමණ වනතෙක් එම ස්ථානයේ සිටිබව වාර්තාවේ.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඊයේ රාත්‍රී බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන මහාචාර්ය අෂු මාරසිංහ පැවසුයේ, රජය විසින් ලබාදී ඇති පිස්තෝලයට අදාළ බලපත්‍රය 2016 වසරෙන් පසු අලුත් නොකිරීම සහ ජීව උණ්ඩ ළඟ තබා ගැනීම යන චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත හිටපු අමාත්‍ය රන්ජන් රාමනායකගේ නිල නිවස සෙනසුරාදා (ජනවාරි 04) සෝදිසියට ලක් කෙරුණු බවත් ඔහු සඳහන් කළේය.

 

වරෙන්තුවේ හේතුවක් සඳහන් කර නැහැ :

මේ අතර සිය නිවස සෝදිසි කිරීම සඳහා දී ඇති අදාළ වරෙන්තුවේ හේතුවක් සඳහන් නොවන බව හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මීට ඉහතදී නිකුත් කළ ට්විටර් පනිවුඩයක දැක්විණි.

"මම කිසිදු අපරාධයක් කර නැහැ. නමුත් යම් හෙයකින් මා අත්අඩංගුවට පත් වුවහොත් මා බන්ධනාගාරයට හැර රෝහලක් වෙත යන්නේ නැහැ. මා යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවන අතර සත්‍ය කතා කිරීමේ ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සූදානම්" යනුවෙන් එම පණිවුඩයේ වැඩිදුරටත් දැක්වේ.

Ranjan Tw 

තජුදීන්ගේ ඝාතනය සම්බන්ධ ලිපිගොනුවත් අත්අඩංගුවට !

"මාගේ පෞද්ගලික පරිගණකය සහ මාගේ නිවසේ ඇති සියලුම සීඩී සහ ඩීවීඩී තැටි ඔවුන් භාරයට ගන්නා බවක් පෙනෙන්නට තිබෙනවා. රගර් ක්‍රීඩක වසීම් තජුදීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් මා සතුව තිබුණු පිලිගොනුවකුත් ඔවුන්ගේ භාරයට ගත්තා." යනුවෙන් ඔහු නිකුත් කළ තවත් ට්විටර් පනිවුඩයක දැක්විණි.

අදාළ සෝදිසි කිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ඒකකයෙන් කළ විමසීමකදී එහි නිලධාරියෙක් කියා සිටියේ ඒ පිළිබඳ තමන් වෙත තොරතුරක් ලැබී නොමැති බවය.

Image Ranjan 

දේශපාලන පලිගැනීම් !

ජනාධිපතිවරණයෙන් පසු පාඨලී චම්පික රණවක සහ රාජිත සේනාරත්න යන හිටපු අමාත්‍යවරුන් ද අත්අඩංගුවට පත් වූ අතර පසුව ඔවුන් ඇප මත නිදහස් කෙරිණි.

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක 2015 ට පෙර පැවති ආණ්ඩුව දැඩි ලෙස විවේචනයට ලක් කළ පුද්ගලයෙකු ලෙස ප්‍රකටය. විශේෂයෙන් දුෂණ චෝදනා සම්බන්ධයෙන් ඔහු පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට (FCID) පැමිණිලි රැසක් ඉදිරිපත් කර තිබේ.

දේශපාලන උවමනාවන් මත යහපාලන ආණ්ඩුවේ සාමාජිකයන් අත්අඩංගුවට ගන්නා බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන වත්මන් ආණ්ඩුව පොලිසියේ සහ අධිකරණයේ ක්‍රියාදාමයන්ට බලපෑම් නොකරන බව කියා සිටී.

 

 

සබැඳි පුවත්:

රංජා අත්අඩංගුවට ගැනීම: 'පොලීසිය යන්නේ වැරදි පාරේ' -රාජ්‍ය ඇමති කාංචන

ප්‍රභූන් කැළඹේ : ෂර්මි කුමාරිගේ ගණිකා නිවසට ගිය අයත් රන්ජන්ගේ DVD වලින් මාට්ටු !

මම ගිහිං එන්නම් මල්ලි...: ගෝඨාගේ පාලන ව්‍යුහය 'ජෝක්' එකක් වෙන්න ඇරීම

රංජන් අද අධිකරණය හමුවට :'පොහොට්ටුවාදියොත්' නොසතුටින්' - ලංකා සී නිව්ස් කියයි

රංජා ළඟ තිබ්බ අසභ්‍ය තැටි වලින් රජය අපහසුතාවයට පත්වුනේ කෝමද ? 'කන්පියුස්' නැද්ද ?

රන්ජන් දෙන ආතල් : මාංචු දාන්න හදන පොලිස් නිලධාරියට 'හග්' එකක් ! 

රන්ජන් රාමනායක අත්අඩංගුවට : රජය අපහසුතාවයට පත්කරන බවට චෝදනා (ජයාරූප මෙන්න)

රන්ජන්ගේ නිවස වටලයි :අත්අඩංගුවට ගන්න ඉහල නියෝගයක් අපේක්ෂාවෙන්! (VIDEO)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්