පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකු සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින්

හිටපු යුද හමුදාපති  ජෙනරාල් මහේෂ් සේනානායකට ඇමැතුම් ලබා දී බලපෑම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇති බව ආණ්ඩුවේ ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම මාධ්‍ය වාර්තාවලට අනුව, ඒ සම්බන්ධයෙන් සොයා බලා පරීක්ෂණයක් සිදුකරන ලෙසට රජයේ ප්‍රධානීන් සිදු කළ නියෝගයකට අනුව වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට පවරා තිබේ.

ඒ අනුව ඉදිරියේ දී හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් සහ මේවනවිට විදේශගතව සිටින හිටපු හමුදාපති මහේෂ් සේනානායක අපරාධ කොට්ඨාසයට ගෙන්වීමට නියමිතව ඇතැයි ද එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

පාස්කු ඉරුදින (අප්‍රේල් 21) එල්ල කෙරුණ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සඳහා පොලිසියට තම උපරිම සහය ලබාදෙන බව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මිට ඉහතදී මාධ්‍ය හමුවේ ප්‍රකාශකර තිබිණ.

එසේම, විල්පත්තු ජාතික වනෝද්‍යානය හා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන්නැයි ද ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබිණ.

 

සිද්ධිය මතකද : ඉල්ලීමක් ද ? බලපෑමක් ද ?

ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අයකු නිදහස් කරන්නැයි රිෂාඩ් බදුර්දින් ආරක්ෂක අංශවලට බලපෑම් කල බවට පළවී තිබු මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදිනියක එම වකවානුවේ පැවති මාධ්‍ය හමුවකදී කල විමසීමකදී හිටපු හමුදාපතිවරයා පැවසුයේ, පාස්කු ඉරිදා මෙරටට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු සම්බන්ධයෙන් ඇමති රිෂාඩ් බදියුදීන් තමන්ට කතා කල නමුත්, එය බලපෑමක් නොව ඉල්ලීමක් ලෙස සැලකිය හැකි බවයි.

දෙහිවලදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරයා තමන්ට දුරකථනයෙන් කතා කළ බවත්  පලමු ඇමතුමේ දී තමන් දුන් පිලිතුර වූයේ ‘සැකකරු ගැන සොයා බලා ඉදිරියේදී දැනුම් දෙන්නම්’ යැයි කී බවත් හිටපු හමුදාපතිවරයා එහිදී පැවසීය.

දෙවනි වර විමසීමේ දී තමන් දුන්නේ එම පිළිතුරම බවත් තුන්වැනි වර විමසද්දී ‘අත්අඩංගුවට ගත් පිරිස් අතර එවන් අයෙකු සිටින බවත් යලිත් වසර එකහමාරකට පසු තමන්ට මෙම දුරකථන ඇමතුම ගන්නා ලෙසත් පැවසූ බව සඳහන් කළ මහේෂ් සේනානායක හිටපු හමුදාපතිවරයා, යම් යම් කරුණු පාදක කරගෙන මාධ්‍යකරණයේ රඟපෑම් නතර කළ යුතු බවත් එය රටේ ආරක්ෂාව පැත්තෙන් ඉතා වැදගත් බවද අවධාරණය කර සිටියේය.

 

සබැඳි පුවත්

හමුදාපති - බදුර්දීන් 'ගැටු‌‌මේ' ඇත්ත කතාව මෙන්න

රිෂාඩ් අත්අඩංගුවට ගෙන අන්තවාදීන් සතුටු කිරීමේ සුදානමක්!

පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව : 'රහස් පොලිසියට උපරිම සහය දෙනවා' - හිටපු ඇමති රිෂාඩ් කියයි 

CIDය රිෂාඩ් ගෙන් ප්‍රශ්න කිරීම :ජනාධිපතිට ලියපු ලිපියට ප්‍රතිචාරයක් ද ?

රහස් පොලිසිය හකීම් සහ රිෂාඩ්ගෙන් ප්‍රශ්න කිරීමට යයි

විල්පත්තු හා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර චෝදනා ගැන විමර්ශනයක් කරන්න -බදියුදීන්, ජනපතිට කියයි

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්